අවිවාහක තරුණියක් ගෙවත්තේ මල් පාත්තියේ වළ දැමු බිලිදා

අවිවාහක තෙමස් ගැබිණියක් විසින් තම නිවසේ මල් පාත්තියක් තුල වල දැමුවේ යැයි කියන කළලයක් නුවරඑලිය මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ජයරත්න මහත්මිය ඉදිරියේදි (01) දින නුවරඑලිය පොලිසියේ නිලධාරින් විසින් ගොඩගෙන තිබෙනවා.

නුවරඑළිය කැලේගාල පහල ගිබ්සන් ප්‍රදේශයේ ඇය පදිංචිව සිටි නිවසේ මල් පාත්තියක වලලා තිබියදි එම කළලය ගොඩ ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

26 හැවිරිදි එම අවිවාහක ගැබිණි තරුණිය ගබ්සාවෙන් පසුව ප්‍රතිකාර ලබා ගැනිමට නුවරඑලිය මහ රෝහල වෙත ඊයේ (31) ඇතුලත් වී ඇති අතර , රෝහලේදි වෛද්‍යවරුන් විසින් ඇය පරීක්ෂා කිරිමෙන් අනතුරුව ඇයට ගබ්සාවක් සිදු වි ඇති බවට වෛද්‍යවරුන් විසින් නුවරඑළිය පොලිසියට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව නුවරඑළිය පොලිසියේ නිලධාරින් විසින් ඇය පදිංචි නිවස සහ නිවස අවට (01) දින පරික්ෂා කිරිමේදි එම තරුණිය විසින් වල දැමුවේ යැයි කියන කළලය වල දමා තිබු ස්ථානය හදුනාගෙන මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේදි ගොඩගෙන තිබෙනවා.

ගොඩගත් කළලය පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නුවරඑලිය පොලිසිය නියෝග කකළ බවද අප වාර්තාකරු සඳහන් කළා.

එම තරුණියගේ පෙම්වතා අත්අඩංගුවට ගැනිමට නුවරඑළිය පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර ඇති අතර , අදාල තරුණිය මේ වන විට නුවරඑළිය මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09