සියලුම පාසල් වල දරුවන්ට සුබම සුබ ආරංචියක්

කොරෝනා වසංගතය මධ්‍යයේ වුවත් දිවයිනේ සියලුම දරුවන්ට කිසිදු ගැටලුවකින් තොරව අධ්‍යාපනය ලබාදීමේ ජාතික වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව කඩිනමින් ආරම්භ කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කොළඹ දී ඊයේ (31) පැවසීය.

මාධ්‍ය ආයතන වල ද සහයෝගය ඇතිව සියලුම ශ්‍රේණි වල සියලුම විෂයයන් ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යරයා සදහන් කළේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ අමාත්‍යාංශය නිලධාරීන් සමග ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීය. “කොරෝනා වසංගතය හේතුවෙන් රටේ අනෙකුත් කටයුතු මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනයටත් විශාල බාධා එල්ල වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අපි අධ්‍යාපන අමාත්‍යංශය සමග ඒකාබද්ධව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

මුළුමහත් රටම ආවරණය වන පරිදි සෑම දරුවකුටම සමාන අවස්ථා ලැබෙන පරිදි ජාති ආගම් සංස්කෘතික කිසිදු භේදයකින් තොරව දරුවන්ට අධ්‍යාපනය වෙනුවෙන් අපි සම තලයක් නිර්මාණය කරනවා.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යය දැක්මේ දී ප්‍රමුඛත්වය හිමි වුණේ රටේ අධ්‍යාපනය වෙනුවෙන්.

මේ කටයුතු වේගවත් කිරීමට ජනාධිපති අධ්‍යාපන කාර්ය සාධක බලකායට තවත් බුද්ධිමතුන් අට දෙනෙකු අලුතින් බඳවා ගත්තා.

වසංගතයේ මධ්‍යයයේ වුණත් ඉතාමත් කඩිනමින් මේ කටයුතු සමාප්ත කරලා දරුවන්ගේ අධ්‍යාපනය කිසිදු ගැටලුවකින් තොරව සිදු කරන්න අපි අවස්ථාව උදා කරනවා” යයිද ඔහු එහිදී පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16