සියලුම පාසල් වල දරුවන්ට සුබම සුබ ආරංචියක්

කොරෝනා වසංගතය මධ්‍යයේ වුවත් දිවයිනේ සියලුම දරුවන්ට කිසිදු ගැටලුවකින් තොරව අධ්‍යාපනය ලබාදීමේ ජාතික වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව කඩිනමින් ආරම්භ කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කොළඹ දී ඊයේ (31) පැවසීය.

මාධ්‍ය ආයතන වල ද සහයෝගය ඇතිව සියලුම ශ්‍රේණි වල සියලුම විෂයයන් ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යරයා සදහන් කළේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ අමාත්‍යාංශය නිලධාරීන් සමග ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීය. “කොරෝනා වසංගතය හේතුවෙන් රටේ අනෙකුත් කටයුතු මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනයටත් විශාල බාධා එල්ල වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අපි අධ්‍යාපන අමාත්‍යංශය සමග ඒකාබද්ධව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

මුළුමහත් රටම ආවරණය වන පරිදි සෑම දරුවකුටම සමාන අවස්ථා ලැබෙන පරිදි ජාති ආගම් සංස්කෘතික කිසිදු භේදයකින් තොරව දරුවන්ට අධ්‍යාපනය වෙනුවෙන් අපි සම තලයක් නිර්මාණය කරනවා.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යය දැක්මේ දී ප්‍රමුඛත්වය හිමි වුණේ රටේ අධ්‍යාපනය වෙනුවෙන්.

මේ කටයුතු වේගවත් කිරීමට ජනාධිපති අධ්‍යාපන කාර්ය සාධක බලකායට තවත් බුද්ධිමතුන් අට දෙනෙකු අලුතින් බඳවා ගත්තා.

වසංගතයේ මධ්‍යයයේ වුණත් ඉතාමත් කඩිනමින් මේ කටයුතු සමාප්ත කරලා දරුවන්ගේ අධ්‍යාපනය කිසිදු ගැටලුවකින් තොරව සිදු කරන්න අපි අවස්ථාව උදා කරනවා” යයිද ඔහු එහිදී පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
278
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?