AFC Banner
Empty Ad
Empty Ad

කුස්සියේ දොරෙන් ගෙට රිංගා පොලිස් නිලධාරියාගේ බිරිඳට කල හදිය

විවෘත කර තිබූ පිටුපස දොරෙන් නිවසකට ඇතුල්වී එම නිවසේ කාමරයක් තුළ සිටි 34 හැවිරිදි එක් දරු මවක් බිය ගන්වා බරපතළ ලිංගික අපයෝජනයක් කළ සැකකරු රුපියල් ලක්‍ෂ 02 ක ශරීර ඇප මත මුදාහරින ලෙසට මිනුන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර පවසනවා.


මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සැකකරු මෙසේ ඇප මත මුදාහැර තිබෙනවා. පැමිණිලිකාරියගේ සැමියා පොලිස් නිලධාරියකු බවත් ඔහු දුර බැහැර පළාතක සේවය කරන බවත් පොලිසිය අධිකරණය හමුවේ පවසා තිබෙනවා. පැමිණිලිකාරිය තම පියා සමග නිවසේ ජීවත්වන බවත් පියා නිවසේ නොසිටි සවස් කාලයකදී සැකකරු විවෘත කර තිබූ පිටුපස දොරෙන් නිවසට ඇතුළු වී කාමරය තුළ සිටි පැමිණිලිකාරියට තර්ජනය කර බිය ගන්වා බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවත් පැමිණිලිකාරියගේ කෑගැසීම ඇසී පියා නිවසට පැමිණි අවස්ථාවේ සැකකරු පළා යෑමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවට අධිකරණයේදී සඳහන් කර තිබෙනවා.

පවතින කොවිඞ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් සැකකරුට මෙසේ ඇප නියම කරන බවද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?