මෙරට හදිසි නීතිය ක්‍රියාත්මක කරලා සුමන්තිරන් කල ප්‍රකාශය

මෙරට අත්‍යවශ්‍ය සේවාවන් සහ ආහාර සුරක්ෂිතතාව පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගිය තිස් වැනි දා මධ්‍යම රාත්‍රියේ ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනය හරහා දැන් මෙරට හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇතැයි දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිරන් පවසනවා.

ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය නිකුත් කරන ලද්දේ ”මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජනතාවට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑම සඳහා “මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර ඒ ආඥාපනතේ II වන කොටසේ විධිවිධාන බලාත්මක කරන” බව සඳහන් කරමින්.

කෙසේ වෙතත් නීති විශාරදයින් පවසන්නේ මෙලෙස මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවැනි වගන්තිය යටතේ යම්කිසි නියෝගයක් පනවන අවස්ථාවකදී මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවෙනි වගන්තිය ද වෙනම ගැසට් කළ යුතු බවයි.

එමෙන්ම මෙම පනත යටතේ නියෝග හා රෙගුලාසි පැනවිය හැක්කේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් කිසි ගැටළුකාරී තත්වයක් මතුවන අවස්ථාවකදී පමණක් බවත් ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිරන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.  

නමුත් මේ අවස්ථාවේදී හුදෙක් ඒ බව සඳහන් කරමින් පමනක් මෙම නියෝග පැනවීම හරහා දැන හෝ නොදැන මේවන විට රට තුළ හදිසි තත්වයක් ජනාධිපතිවරයා විසින්ම ප්‍රකාශයට පත්කර  කර ඇතැයි ඔවුන් පෙන්වා දෙනවා.

එවැනි ‍හදිසි තත්වයක් ප්‍රකාශ කර ඇති විට පනත් සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවට යැවීම හෝ ඒවා ශ්‍රේෂ්ඨාධිකරනයේ විමසුමට ලක් කිරීම අවශ්‍ය නොවේ.

අවශ්‍ය නම් මෙම හදිසි තත්වය යටතේ ජනාධිපතිවරයාට නියෝගයක් මගින් මාධ්‍ය වාරණයක් ද පැනවිය හැකිය.

කෙසේ වෙතත් රට තුළ උද්ගත වූ කොවිඩ්-19 වසංගත තත්ත්වයක් සමඟ මෙරට මහජනතාවගේ පොදු සෞඛ්‍ය උදෙසා ක්‍රියාත්මක විය හැකි නව නීති මාලාවක් සැකසීමේ අවශ්‍යතාව තමන් විසින් දිගු කලක සිට පෙන්වා දුන් බවත් කිසිදු අවස්ථාවක රජය ඒ සම්බන්ධයෙන් නිසි සැලකිල්ලක් නො නොදැක්වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔහු අවධාරණය කරන්නේ තමන් විසින් කෙටුම්පත් කරන ලද පොදු සෞඛ්‍ය නව නීති කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ඡා කර සම්මත කර ගත්තේ නම් මේ ආකාරයේ ගැටළු සහගත තත්වයන් උද්ගත නොවන බවයි.

පසුගිය 30 වැනිදා නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ ජනාධිපතිවරයාගේ නියොගය සටහන් වී තිබුනේ පහත දැක්වෙන ආකාරයටයි.

ශ්‍රී ලංකාව පුරා දැනට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය තුළ, ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන, මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑම සඳහා මෙසේ කිරීම අවස්ථානුකූල යයි මා අදහස් කරන හෙයින්;

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වන මම 1959 අංක 8 දරන පනතින් සහ ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් සංශෝධිත (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර ඒ ආඥාපනතේ II වන කොටසේ විධිවිධාන බලාත්මක කරමින් එහි 5 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර සකස්කරන ලද, අත්‍යවශ්‍ය ආහාර සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි ශ්‍රී ලංකාව මුළුල්ලේ ම දෙදහස් විසිඑකක් වු අගෝස්තු මස 30 වන දින මේ මොහොතේ සිට ක්‍රියාත්මක විය යුතු යයි මේ ප්‍රකාශනයෙන් ප්‍රකාශ කරමි. වර්ෂ දෙදහස් විසිඑකක් වූ අගෝස්තු මස 30 වන දින කොළඹ දී අත්සන් කරන ලදී.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44