AFC Banner
Empty Ad
Empty Ad

සිරුරේ පවතින ප්‍රතිශක්තිය බිඳහෙළිය හැකි කොවිඩ් ප්‍රභේදයක් – සෞඛ්‍ය අංශ සුදානමින්

දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයක පැතිර පවත්නා C.1.2 නව කොවිඩ් ප්‍රභේදය, පෙර තිබුණු විකෘති කිහිපයක් එකතු වී නිර්මාණය වූ ප්‍රබල වයිරස් ප්‍රභේදයක් බවට හඳුනාගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

මෙතෙක් නමක් ලබාදී නොමැති එම වයිරස් ප්‍රභේදය මේ වනවිට, චීනය නවසීලන්තය, ස්විට්සර්ලන්තය,බ්‍රිතාන්‍ය , පෘතුගාලය, කොංගෝව, මුරිසි දූපත් ඇතුළු තවත් රටවල් කිහිපයක පැතිරෙමින් පවතින බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරනවා.

සිරුරේ පවතින ප්‍රතිශක්තිය බිඳහෙළීමට තරම් හැකියාවක් මෙම වයිරස ප්‍රභේදය තුළ පවතින බවට විද්‍යාඥයන් මත පළ කර ඇති බවද මහාචාර්ය චන්න ජයසුමන අවධාරණය කරනවා.

කෙසේ වුවද, එම වයිරසය මෙරටට ඇතුළුවීම වැළැක්වීමට ගත හැකි සියලු පියවර දැනටමත් ගෙන ඇතැයිද හෙතෙම කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?