AFC Banner
Empty Ad
Empty Ad

සීනි අර්බුදයට විසඳුමක්

සීනි අර්බුදයට පිළියමක් ලෙස රස කැවිලි,බිස්කට් ආදී කර්මාන්ත සදහා උක් පැණි යොදා ගැනීම සඳහා උක් පැණි නිෂ්පාදනය කරන ගම්මාන කීපයක් මේ වසරේදී පිහිටුවීමට කටයුතු කරන බව උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර කීවේය.

උක් පැණි නිෂ්පාදනය කරන ගම්මාන සම්බන්ධ කරමින් සකසුරුවම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු කරන බවත්,උක් පැණි නිෂ්පාදනය සඳහා එම ගම්මාන වලට අවශ්‍ය උපකරණ,යන්ත්‍ර ලබා දීමට කටයුතු කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

අතීතයේදී උක් පැණි නිෂ්පාදනය කරන ලද ක්‍රමවේදයන් අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවැසුවේය.

ලංකාවේ උක් වගා කළ හැකි ඉඩම් පිහිටා ඇත්තේ කුමන ප්‍රදේශවලද යන්න සොයා බලන ලෙස උක් පර්යේෂණායතනයේ සභාපතිවරයාට තමා දැනුම්දුන් බවද ඔහු කීවේය.

ගාල්ල, මාතර, පුත්තලම, කිලිනොච්චිය, බදුල්ල ආදී දිස්ත්‍රික්කවල උක් වගාව ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසුවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?