රුපියල් 5000 කොවිඩ් මර්දනයට ගන්න – ගුරු සංගම් කියයි

ගුරුවරුන්ට හිමිවිය යුතු වැටුප් වර්ධක ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමට පත්කළ ඇමති අනු කමිටුවේ යෝජනා පවා නොතකා හරිමින් ආණ්ඩුව ලබාදීමට සූදානම් වන රුපියල් 5,000ක දීමනාව ප්‍රතික්ෂේප කරන අතර එය කොරෝනා මර්දන කටයුතු සඳහා යොදවන ලෙස ගුරු සහ විදුහල්පති සංගම් ආණ්ඩුවට දන්වා ඇත.

ඊයේ (30) කැබිනට් මණ්ඩලය විසින් රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට කර තිබෙන යෝජනාව කිසිසේත් බාර නොගන්නා බව ඒකාබද්ධ ගුරු සහ විදුහල්පති වෘත්තීය සංගම් අද (31) ආණ්ඩුවට නිල වශයෙන් දැනුම් දී තිබේ.

ඇමති අනු කමිටුව නිර්දේශ කර තිබෙන වැටුප් වර්ධක පවා ලබා නොදී එය අවස්ථා කිහිපයකදී වාරික වශයෙන් ඉහල දැමීමට ආණ්ඩුව කුමන්ත්‍රණකාරී ලෙස සිදුකරන කටයුතුවලට හසු නොවන බවද එම සංගම් අවධාරණය කර ඇත. ගුරුවරුන්ට හිමිවිය යුතු වර්ධක නියමිත ප්‍රමාණය වෙනුවට ඇමති අනු කමිටුව රුපියල් 3,750/- සිට 11,820/- දක්වා ලබාදිය යුතු බවත් විදුහල්පති ශ්‍රේණි සඳහා රුපියල් 6,895/- සිට 12,020/- දක්වා ලබා දියයුතු බවත් එම අනු කමිටුවෙන් නිර්දේශ කර ඇත.

ඇමති අනුකමිටුව දීර්ඝ වශයෙන් කරුණු සලකා බලා ඉදිරිපත් කර තිබෙන මෙම නිර්දේශ පවා ක්‍රියාත්මක නොකර වෙනත් කුමන්ත්‍රණකාරී සැලසුම් සකස්කිරීම්වලට තම සංගම් හසු නොවන බව ගුරු සහ විදුහල්පතිවරුන්ගේ ඒකාබද්ධ වෘත්තීය සමිති අවධාරණය කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ තරුණියක් ජනපතිව සැරටම අමතයි - අනුරට ඕන ඕන විදිහට කරන්න දෙන්නේ නෑ
09:11
Video thumbnail
ව්‍යවස්ථා සංශෝධන නෙමෙයි, අලුත් ව්‍යවස්ථාවක්ම හදන්න
02:15
Video thumbnail
එදා චාමර සහ අද චාමර - GL ගැන කිව්ව කතා
00:59
Video thumbnail
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස්
05:39
Video thumbnail
ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට යන්නේ - අධිකරණය බාල්දු කරන්න හදනවා
05:56
Video thumbnail
අපි හැමෝම දැන් සතුටින් ඉන්නේ - කනවා නෙමෙයි ලෙව කනවා
07:02
Video thumbnail
ජනාධිපතිට අභියෝගයක් - සජබයේ නව සංවිධායක ගේම ඉල්ලයි
03:47
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට දාපු කින්ඩිය - මේ ආණ්ඩුව මැතිවරණයට බයයි
02:12
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවාට හමුදාපතිගෙන් උත්තමාචාරයක්
06:04
Video thumbnail
'ද ෆිනෑන්ස්' තැන්පත්කරුවන් 6300කට තාම සාධාරණයක් ඉටුවෙලා නෑ
06:21