AFC Banner
Empty Ad
Empty Ad

රුපියල් 5000 කොවිඩ් මර්දනයට ගන්න – ගුරු සංගම් කියයි

ගුරුවරුන්ට හිමිවිය යුතු වැටුප් වර්ධක ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමට පත්කළ ඇමති අනු කමිටුවේ යෝජනා පවා නොතකා හරිමින් ආණ්ඩුව ලබාදීමට සූදානම් වන රුපියල් 5,000ක දීමනාව ප්‍රතික්ෂේප කරන අතර එය කොරෝනා මර්දන කටයුතු සඳහා යොදවන ලෙස ගුරු සහ විදුහල්පති සංගම් ආණ්ඩුවට දන්වා ඇත.

ඊයේ (30) කැබිනට් මණ්ඩලය විසින් රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට කර තිබෙන යෝජනාව කිසිසේත් බාර නොගන්නා බව ඒකාබද්ධ ගුරු සහ විදුහල්පති වෘත්තීය සංගම් අද (31) ආණ්ඩුවට නිල වශයෙන් දැනුම් දී තිබේ.

ඇමති අනු කමිටුව නිර්දේශ කර තිබෙන වැටුප් වර්ධක පවා ලබා නොදී එය අවස්ථා කිහිපයකදී වාරික වශයෙන් ඉහල දැමීමට ආණ්ඩුව කුමන්ත්‍රණකාරී ලෙස සිදුකරන කටයුතුවලට හසු නොවන බවද එම සංගම් අවධාරණය කර ඇත. ගුරුවරුන්ට හිමිවිය යුතු වර්ධක නියමිත ප්‍රමාණය වෙනුවට ඇමති අනු කමිටුව රුපියල් 3,750/- සිට 11,820/- දක්වා ලබාදිය යුතු බවත් විදුහල්පති ශ්‍රේණි සඳහා රුපියල් 6,895/- සිට 12,020/- දක්වා ලබා දියයුතු බවත් එම අනු කමිටුවෙන් නිර්දේශ කර ඇත.

ඇමති අනුකමිටුව දීර්ඝ වශයෙන් කරුණු සලකා බලා ඉදිරිපත් කර තිබෙන මෙම නිර්දේශ පවා ක්‍රියාත්මක නොකර වෙනත් කුමන්ත්‍රණකාරී සැලසුම් සකස්කිරීම්වලට තම සංගම් හසු නොවන බව ගුරු සහ විදුහල්පතිවරුන්ගේ ඒකාබද්ධ වෘත්තීය සමිති අවධාරණය කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?