කඩවත කැළඹූ, අඹුසැමි මරණය ඝාතනයක් ද ?

දරුවන්ට ලොව ඇති අගනාම වස්තුව සිය මවුපියන් යැයි කිවහොත් එය නිවැරදිය. මවුපියන්ටද ලොව ඇති උතුම්ම වස්තුව තම ලෙයින් උපන් දරුවන්ය. පුත්ථා වත්තූ මනුස්සානං යැයි බුදුන්වහන්සේ වදාළහ. අනපේක්ෂිත මොහොතක සිදුවූ විපතින් කඩවත, ඇල්දෙණිය ජනතා මාවතේ පදිංචි ජනතාව විස්මයට පත්වී ඇත.

අසල්වැසියන්ගේ උත්සාහයෙන් දෙමහල් නිවෙසක උඩුමහලේ ඇවිළුණු ගින්න නිවා දැමීමට හැකි වුවද නිවෙසේ පදිංචිව සිටි අඹුසැමි යුවළගේ දිවි බේරාගැනීමට ඔවුන්ට මාරයා ඉඩ අහුරා ඇත.

සිය මවුපියන්ගේ පිලිස්සී ගිය සිරුරු දැවී අළු වී ගිය නිවෙසේ සුන්බුන් අතරින් පිටතට ගනිද්දී දරුවන් කෑගසමින් හැඬ­ූ අයුරු අවට සිටි සැමගේ දෙනෙත් කඳුළින් තෙත් කළ අයුරු දක්නට ලැබුණු අතර වැඩිහිටියකු පැවසුවේ සසරේ පතාගෙන ආපු හැටි වෙන්න ඇති යනුවෙනි.

කඩවත, ඇල්දෙණිය, ජනතා මාවතේ, දෙමහල් නිවෙසක උඩුමහලේ පදිංචිව සිටි වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියැදුරකු වූ 56 හැවිරිදි අජිත් රේමන් සහ ඔහුගේ බිරිය වූ 53 හැවිරිදි සුමිත්‍රා රාජපක්ෂ යන අඹුසැමි යුවළ 28 වැනිදා අලුයම් කාලයේදී නිවෙස තුළදී මෙලෙස පිලිස්සී මියගොස් ඇත.

මෙම ගින්න පිළිබඳව අසල්වාසීන් පොලිසියට පවසා ඇත්තේ,

“28 වැනිදා අලුයම 4.00ට විතර මේ ගෙදර උඩුමහලෙන් බේරා ගන්න, උදවු කරන්න කියලා කාන්තාවක් කෑගහන සද්දයක් එක්ක වහලේ ෂීට් පුපුරණ සද්දෙ ඇහුණා. අපි අහළ පහළ අය නැඟිටලා බලද්දි ගේ ගිනි ගන්නවා. අපි කුස්සිය පැත්තෙන් ‍ෙදාර කඩලා ඇතුළු වෙලා පුළුවන් තරම් වතුර දාලා ගින්න නිව්වා. ඊට පස්සෙ බලනකොට මේ මවුපියන් දෙපළම පිච්චුණු සුන්බුන් ගොඩේ මැරිලා වැටිලා හිටියා.”

දෙමහල් නිවෙසක උඩුමහලේ සිදුවූ මෙම ගින්නෙන් ඉහළ මාලය සම්පූර්ණයෙන්ම දැවී අළු වී ඇති අතර පහත මාලයට ගින්නෙන් හානි සිදු වී නැත. පහත මාලයේ පදිංචිව සිට ඇත්තේ මියගිය අඹුසැමි යුවළගේ විවාහක පුතා සහ ඔහුගේ දරුපවුල වන අතර නිවෙසට යාබදව නිවෙසක ඔවුන්ගේ විවාහක දියණිය පදිංචිව සිට ඇත.

පොලිසිය දරුවන්ගෙන් ලබාගෙන ඇති ප්‍රකාශවලට අනුව මෙම ගින්න ඇති වීමට පෙර අලුයම් කාලයේ මියගිය අජිත් රේමන්, විවාහයෙන් පසුව යාබද නිවෙසක පදිංචිව සිටින සිය දියණියගේ නිවෙස වෙත ගොස් ඇසුරූ පාර්සලයක් ඇයට දී මේකේ තියෙන සල්ලි දරුවන්ගේ නමට බැංකුවට දාන්න. අනිත් පාර්සලේ පස්සේ ඇරලා බලන්න යැයි පවසා ඇත.

පසුව විවෘත කර බැලූ පාර්සල් තුළ මුදල් සහ රන් ආභරණ තිබූ බව දියණිය පවසා ඇති අතර මවුපියන් මිය යෑමෙන් පසුව පියා රැකියාව කළ ත්‍රිරෝද රථය දක්නට නොමැති නිසා තමා අතට දුන් මුදල් ත්‍රිරෝද රථය විකුණා ලබාගත් ඒවා යැයි විශ්වාස කරන බව ප්‍රකාශ කර ඇත.

කිසිවකුට හිරිහැරයක් නොමැතිව ජීවත් වී ඇති මෙම අඹුසැමි යුවළ මෙලෙස සියදිවි හානි කර ගත්තේ මන්දැයි යන්න සෙවීම පරීක්ෂණ මෙහෙයවන පොලිසියේ ප්‍රධාන අරමුණ වී ඇත.

කෙසේ නමුත් වයස අවුරුදු 60ට අඩු වයසේ පසුවූ තම මවුපියන්ගේ අකල් වියෝවෙන් තැවෙන දරුවන් පවසන්නේ ඉතාම සාමකාමීව ජීවත්වූ ඔවුන්ගේ මෙම මරණයට හේතුව තමන්ට ප්‍රහේලිකාවක් බවයි.

29 වැනිදා රාගම රෝහල් මෘත ශරීරාගාරයේදී පශ්චාත් මරණ පරීක්ෂණ කිරීමට නියමිතව ඇති අතර පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවෙන් පසුව දේහයන් අවසන් කටයුතු සඳහා දරුවන් වෙත භාරදීමට නියමිතය.

කෙසේ නමුත් දරුවන්ගේ සෝ කඳුළු මැද එකට අවසන් ගමන් යන මේ මවුපිය යුවළ මෙලෙස පිලිස්සී මිය ගිය හේතුව සොයා කඩවත පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

කැලණිය – කුසුම් එස්. හැන්නදි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39
Video thumbnail
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක්
01:09
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර
01:56
Video thumbnail
චිත්‍රපටි නළු දමිත් ෆොන්සේකා අත්අඩංගුවට - සීගිරියේ අනවසරයෙන් ළිඳක් ක#න්න ගිහින්
02:49