කෝටි ගාණක කප්පම් සිද්ධියට බොලිවුඩ් නිළි ජැකලින් ප්‍රශ්න කරයි

මුදල් විශුද්ධිකරණ සිද්ධියක සාක්ෂිකරුවකු ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගෙන් ඊයේ(30) ප්‍රශ්න කළ බව එන්ඩීටීවී (NDTV) ඇතුළු ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තාවලට අනුව ඉන්දීය මැතිවරණ කොමිෂන් සභාව විසින් අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට මේ වන විට හඳුනාගෙන ඇති සුකේෂ් චන්ද්‍රශේකර් නම් පුද්ගලයකු විසින් ක්‍රියාත්මක කරන ලද යැයි කියන කෝටි ගණනක කප්පම් ජාවාරමක් සම්බන්ධයෙන් මෙලෙස ජනප්‍රිය බොලිවුඩ් නිළියගෙන් ප්‍රශ්න කර තිබේ.

මෙහිදී 36 හැවිරිදි ජැකලින් සිද්ධියේ චූදිතයකු නොවන නමුත් සුකේෂ් චන්ද්‍රසේඛර්ට එරෙහි නඩුවක සාක්ෂිකරුවකු ලෙස ප්‍රශ්න කිරීම්වලට ලක්වේ.

චන්ද්‍රසේකරට එරෙහි මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් පසුගියදා චෙන්නායි හි මුහුදට මුහුණලා තිබූ බංගලාවක්, පවුම් ලක්ෂ 82.5 ක මුදලක් සහ සුඛෝපභෝගී මෝටර් රථ දුසිමකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම නඩුව පදනම් වී ඇත්තේ අපරාධ කුමන්ත්‍රණය, වංචා කිරීම සහ පවුම් කෝටි 200ක පමණ කප්පම් ගැනීම් සම්බන්ධයෙනි.චන්ද්‍රසේකරට සහ අනෙක් අයට එරෙහිව දිල්ලි පොලිසියේ ආර්ථික අපරාධ අංශය විසින් නඩු පවරා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42
Video thumbnail
බණ අහන රටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ?බණ අහලා හැදිච්ච එකෙක්වත් නෑ
03:15
Video thumbnail
ඇයි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත් නොකරන්නේ ?සමාජ මාධ්‍යයේ කෑගැහුවට වැඩක් නෑ
01:47
Video thumbnail
බාල වයස්කාර දැරියගේ සිද්ධිය ගැන වනවාසි රාහුල හිමි කට අරියි..ප්‍රබල තැනක් නිසා කතා කරන්න බයක් ඇති
04:56
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:21:21
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05
Video thumbnail
ඇයි දෙයියනේ සංඝාධිකරණ පනත ගේන්න බැරි..අවුරුදු ගාණක් ආණ්ඩු තටබනවා.. ඔක්කොම මේකෙන් සුද්ද වෙනවා
04:13