AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරි සති දෙකෙන් පසු මෙරට කොවිඩ් තත්ත්වය ගැන ඉඟියක්

ඉදිරි සති දෙකෙන් පසු මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිතයන් හා මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට හැකිවෙතැයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

මේ වනවිට රට තුළ නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක කරමින් වයිරසය පැතිරයාම වළක්වා ගැනීමට ගත් පියවරට අනුව ජනතාව හැසිරී තිබෙන ආකාරය ද ඉදිරි දිනවල වාර්තාවන ආසාදිතයන් අනුව තේරුම්ගත හැකි යැයි ද ඒ මහතා සඳහන් කරනවා.

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරිනීති සීමාව කුමන අවස්ථාවක හෝ ඉවත්කරන බැවින් ඊට පෙරාතුව පොදු ගමනාගමන හා ආයතනවලදී සේවකයන් හසුරවන නව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් සැකසීමට ඒ ඒ අංශවල බලධාරීන්, නිලධාරිනී කටයුතු කළයුතු බවද වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

නොමැතිනම් රට විවෘත කළ සැණින් වයිරසය යළි පැතිරීයනු ඇතැයි ද ඒ මහතා අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?