පී.එච්.අයි. සංගමයෙන් හදිස්සියේ ජනපතිට ලිපියක්

දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 360 සඳහා සීමාවන්ට යටත්ව එන්නත් නිකුත් කරන තත්ත්වයකදී ඉලක්ක ගත කණ්ඩායම්වලට වඩා දෛනිකව වැඩි පිරිසක් එන්නත්කරණයට පැමිණීම නිසා අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කරන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කළ ප්‍රකාශයක්ද මීට පදනම් වී ඇති බවයි. දිවයිනේ ඕනෑම ස්ථානයකින් පුරවැසියන්ට එන්නත් ලබාගැනීමට හැකියාව ඇති බව වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කර තිබුණි. එහෙත් ඖෂධ සැපයුම් අංශයෙන් ප්‍රාදේශීය ඖෂධ සැපයුම් ගබඩා වෙත නිකුත් කරන එන්නත් ප්‍රමාණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ලැබෙනුයේ ජනගහනය මත පදනම්ය. ලැබෙන එන්නත් සීමිත නිසා අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන්ට පමණක් එන්නත් ලබාදීම සාමාන්‍ය ක්‍රමවේදයයි. ශීත කාමරවල සිටින බිම් මට්ටමේ අවබෝධයක් නොමැති නිලධාරීන් ප්‍රකාශ නිකුත් කිරීම නිසා දැඩි අර්බුදයක් මතුව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ලිපියක් මගින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.

මෙම තත්ත්වය වහාම නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. උදාහරණයක් ලෙස කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දෙවැනි මාත්‍රාව ලබා දීමට ඊයේ (30 වැනිදා) දිනයේ ලැබී ඇත්තේ එන්නත් 2000ක් පමණි. නමුත් එන්නත් ලබා ගැනීමට 5000ක පිරිසක් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙයි. එහෙත් යුද හමුදාව මගින් පැවැත්වෙන ප්‍රධාන එන්නත් ලබාදීමේ මධ්‍යස්ථාන දෙකට පැය 24 පුරාම එන්නත් ලැබෙන බවද සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් කියා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ තරුණියක් ජනපතිව සැරටම අමතයි - අනුරට ඕන ඕන විදිහට කරන්න දෙන්නේ නෑ
09:11
Video thumbnail
ව්‍යවස්ථා සංශෝධන නෙමෙයි, අලුත් ව්‍යවස්ථාවක්ම හදන්න
02:15
Video thumbnail
එදා චාමර සහ අද චාමර - GL ගැන කිව්ව කතා
00:59
Video thumbnail
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස්
05:39
Video thumbnail
ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට යන්නේ - අධිකරණය බාල්දු කරන්න හදනවා
05:56
Video thumbnail
අපි හැමෝම දැන් සතුටින් ඉන්නේ - කනවා නෙමෙයි ලෙව කනවා
07:02
Video thumbnail
ජනාධිපතිට අභියෝගයක් - සජබයේ නව සංවිධායක ගේම ඉල්ලයි
03:47
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට දාපු කින්ඩිය - මේ ආණ්ඩුව මැතිවරණයට බයයි
02:12
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවාට හමුදාපතිගෙන් උත්තමාචාරයක්
06:04
Video thumbnail
'ද ෆිනෑන්ස්' තැන්පත්කරුවන් 6300කට තාම සාධාරණයක් ඉටුවෙලා නෑ
06:21