AFC Banner
Empty Ad
Empty Ad

ගුරු විදුහල්පති වැටුප් වැඩි කරයි – කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය !

ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති අනුකමිටු වාර්තාව අයවැයට එක්කරන තෙක් ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට රුපියල් 5,000ක මාසික දීමනාවක් ගෙවීමට කැබිනට් අනුමැති ලැබී ඇත.

එම 5000 දීමනාව මාස දෙකක කාලයක් ලබා දීමට ද මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී එකඟතාව පළ කර ඇති බව පැවසේ.එසේම එම ගැටලුව සොයා බැලීමට පත් කළ ඇමැති අනු කමිටුවේ සම්පූර්ණ වාර්තාවට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වේ.

මේ තීන්දුවත් සමඟ මාර්ගගත ක්‍රමයට ඉගැන්වීමේ කටයුතු නැවත ආරම්භ කරන්නැයි ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ.

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා ගුරුවරුන් මෙයට සති කිහිපයකට ඉහතදී මාර්ගගත ක්‍රමයට ඉගැන්වීමේ කටයුතු වලින් ඉවත් විය.එම තත්ත්වය හේතුවෙන් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බලා කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් ඇමතිවරුන් සිවුදෙනකුගෙන් යුත් කමිටුවක් පත්කරනු ලැබීය.ඩලස් අලහප්පෙරුම, ප්‍රසන්න රණතුංග,විමල් වීරවංශ සහ මහින්ද අමරවීර යන ඇමැතිවරු එම කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළහ.

ඇමතිඅනු කමිටුව විදුහල්පති හා ගුරු සංගම් සමඟ සාකච්ඡා කර කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කළ අතර, එය අද පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ගෙන මෙම තීරණ ගත් බව වාර්තා වේ.

ඉදිරි අයවැය සිට අදියර කීපයකින් මෙය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අති මණ්ඩලය ප්‍රකාශ කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
64
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?