Empty Ad
AFC Banner
Empty Ad

බැංකු ණය හා ලීසිං වාරික ගැන ‘රජය ගැනීමට සුදානම් වන’ තීරණය

කොවිඩ්  වසංගතයේ බලපෑම හේතුවෙන් බැංකු ණය හා ලීසිං වාරික ගෙවා ගැනීමට නොහැකි වූවන්ට සහන සැලසීම සඳහා ලබාදුන් තුන් මසක සහනය තවත් ටික කලකට දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව අද (30) සඳහන් කළා. ඒ පුවත්පත් වාර්තා උපුටා දක්වමින්.

කොවිඩ් තුන්වන රැල්ලේ දැඩි අහිතකර බලපෑම මත ණය ආපසු ගෙවීම ජුනි, ජූලි හා හා අගෝස්තු මාසවල අත්හිටුවීමට පියවර ගන්නා ලෙස රජයේ උපදෙස් මත මහ බැංකුව විසින් මෙරට බැංකු හා මූල්‍ය පද්ධතියට මග පෙන්වීම් ලබා දී තිබුණා.

ඒ අනුව  එම සහන කාලය හෙටින් (31) නිම වීමට නියමිතව තිබෙනවා.

එනමුත් රටේ වර්තමානයේ පවතින තත්ත්වය  සලකා බලා මේ සහන කාලය තව ටික කාලයකට දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
98
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?