කොවිඩ් එන්නත ලබා ගත් කාන්තාවක මරුට

ෆයිසර් කොරෝනා මර්දන එන්නත ලබා ගත් නවසීලන්ත කාන්තාවක් මිය ගොස් ඇති බව, එරට සෞඛ්‍ය අංශ වාර්තා කරනවා.

වෙලිංග්ටන් සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ ෆයිසර් කෝවිඩ් -19 එන්නත හා සම්බන්ධ ව එරටින් වාර්තා වූ පළමු මරණය මෙය බවයි.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්වාධීන COVID-19 එන්නත් ආරක්‍ෂක අධීක්ෂණ මණ්ඩල සමාලෝචනයෙන් පසු මෙම මරණය පිළිබඳ ව නිවේදනය කළ ද අදාළ කාන්තාව පදිංචි ප්‍රදේශය,නම, හෝ වයස ආදී පෞද්ගලික තොරතුරු කිසිවක් හෙළිදරව් නො කිරිමට එරට සෞඛ්‍ය බලධාරීන් වගබලා ගත්තා.

කෙසේ වෙතත් අදාළ කාන්තාවගේ මරණය හෘද පේශිවල දැවිල්ලක් සමඟින් හෘද ස්පන්දන රිද්මයේ වෙනස්කම් ඇතිකර එමඟින් රුධිරය පොම්ප කිරීමේ හැකියාව සීමා කෙරෙන මයිකාඩයිටිස් නැමති සංකූලතාව නිසා ඇති වූවක් බව නවසීලන්ත වෛද්‍ය මණ්ඩලය සලකනවා.

මෙය ෆයිසර් කෝවිඩ් -19 එන්නතෙහි දුර්ලභ අතුරු ආබාධයක් ලෙසයි සඳහන් වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස්
05:39
Video thumbnail
ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට යන්නේ - අධිකරණය බාල්දු කරන්න හදනවා
05:56
Video thumbnail
අපි හැමෝම දැන් සතුටින් ඉන්නේ - කනවා නෙමෙයි ලෙව කනවා
07:02
Video thumbnail
ජනාධිපතිට අභියෝගයක් - සජබයේ නව සංවිධායක ගේම ඉල්ලයි
03:47
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට දාපු කින්ඩිය - මේ ආණ්ඩුව මැතිවරණයට බයයි
02:12
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවාට හමුදාපතිගෙන් උත්තමාචාරයක්
06:04
Video thumbnail
'ද ෆිනෑන්ස්' තැන්පත්කරුවන් 6300කට තාම සාධාරණයක් ඉටුවෙලා නෑ
06:21
Video thumbnail
සංගීත ප්‍රසංගවලින් ජනතාවට කරදරයක් වෙනවා නම් පොලිසියට කියන්න
03:11
Video thumbnail
22ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාරට බහී
00:39
Video thumbnail
ඔන්ලයින් හයර් ආවා කියලා වීල් රියදුරාට ගහලා?
01:05