එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යන්න ඉන්න අයට සුබ ආරංචියක් මෙන්න

පූර්ණ එන්නත්කරණය ලැබූ සියලුම රටවල සංචාරකයන් සඳහා වීසා බලපත් නිකුත් කිරීම හෙට සිට ආරම්භ කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කළා. ඒ කොරෝනා වසංගතය නිසා කල් දමන ලද එක්ස්පෝ – 2020 ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය ඩුබායිහි ආරම්භ වීමට මාසයක් තිබියදීයි.


එමෙන්ම එක්සත් අරාබි එමීරයේ දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාවද මේ වන විට දහසකට අඩුවෙන් වාර්තා වීම මෙම පියවරට තවත් හේතුවක්. එමීරයේ නිල ප්‍රවෘත්තී සේවය සඳහන් කළේ මෙලෙස සියලු රටවල සංචාරකයන් සඳහා තම රට විවෘත කිරීමෙන් ආර්ථිකයේ තිරසර ප්‍රකෘතිමත් වීමක් සහ වර්ධනයක් අපේක්ෂා කරන බවයි. නව තීරණය එක්සත් අරාබි එමීර් රාජ්‍යය කලින් සංචාර තහනම් පැනවූ රටවල් සඳහාද අදාළ වනවා.

ශ්‍රී ලංකාවද එම සංචාර තහනම පැනවූ රටවලට අයත් වුණා. නව තීරණය අනුව ශ්‍රී ලාංකිකයන්ටද එක්සත් අරාබි එමීරයේ සංචාරය කිරීම සඳහා වීසා බලපත් ලබා ගැනීමට හැකි වනු ඇති. එලෙස එමීරයේ සංචාර සඳහා වීසා බලපත් ලබා ගැනීමට බලාපොරොත්තු වන්නන් ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමත කරන ලද ඇස්ට්‍රාසෙනිකා, ජොන්සන් ඇන්ඩ් ජොන්සන්, මොඩර්නා, ෆයිසර් – බයොඑන්ටෙක්, සයිනොෆාම් හෝ සිනොවැක් එන්නත් මගින් පූර්ණ කොරෝනා එන්නත්කරණය ලබා සිටිය යුතුයි. මේ අතර ඕස්ට්‍රේලියාවෙන් ගත වු පැය 24 තුළ, ගෝලීය වසංගතය ආරම්භ වු දා පටන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව , එනම් ආසාදිතයන් 1323 දෙනෙකු වාර්තා වි තිබෙනවා. මේ නිසා රට නැවත විවෘත කිරිම යළි සංවාදයට බඳුන් වි ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

 ඕස්ට්‍රේලියාවේ මෙලෙස කොරෝනා ආසාදනය ඉහළ යාමට හේතු වී ඇත්තේ වැඩි සම්ප්‍රේශණ හැකියාවක් සහිත ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයයි. නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් එලෙස වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන අතර, ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ වයස අවුරුදු 16 වැඩි පිරිසෙන් සියයට 70 ක් එන්නත් කළ පසු ආසාදිත සංඛ්‍යාව නොතකා ප්‍රාන්තය විවෘත කිරිමට අදහස් කරන බවයි. මේ අතර, නව ආසාදිතයන් 92 දෙනෙකු වාර්තා වු මෙල්බර්න් නුවර නිරෝධායන සීමාවන් තවදුරටත් දිර්ඝ කිරිමට තිරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස්
05:39
Video thumbnail
ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට යන්නේ - අධිකරණය බාල්දු කරන්න හදනවා
05:56
Video thumbnail
අපි හැමෝම දැන් සතුටින් ඉන්නේ - කනවා නෙමෙයි ලෙව කනවා
07:02
Video thumbnail
ජනාධිපතිට අභියෝගයක් - සජබයේ නව සංවිධායක ගේම ඉල්ලයි
03:47
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට දාපු කින්ඩිය - මේ ආණ්ඩුව මැතිවරණයට බයයි
02:12
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවාට හමුදාපතිගෙන් උත්තමාචාරයක්
06:04
Video thumbnail
'ද ෆිනෑන්ස්' තැන්පත්කරුවන් 6300කට තාම සාධාරණයක් ඉටුවෙලා නෑ
06:21
Video thumbnail
සංගීත ප්‍රසංගවලින් ජනතාවට කරදරයක් වෙනවා නම් පොලිසියට කියන්න
03:11
Video thumbnail
22ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාරට බහී
00:39
Video thumbnail
ඔන්ලයින් හයර් ආවා කියලා වීල් රියදුරාට ගහලා?
01:05