හෙටින් පසුව සීනි කිලෝවක් රුපියල් 130කට

රාජ්‍ය අමාත්‍ය ජානක කියන කතාව පාරිභෝගිකයන්ට දුඹුරු සීනි කිලෝවක් රුපියල් 130ක පමණ මුදලකට ලබා ගැනීමේ හැකියාව හෙටින් (30) පසුව හිමිවන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ ලංකා සීනි සමාගමෙන් දුඹුරු සීනි කිලෝවක් රුපියල් 120ක මුදලකට සතොස සහ සමුපකාරවලට හෙට සිට නිකුත් කරන බවයි.

මේවන විට සුදු සීනි කිලෝවක් රුපියල් 220ක මුදලකට වෙළඳපොලේ අලෙවි වනවා.

මේ අතර තවදුරටත් රට වසා දැමීම ශ්‍රී ලංකාවට ඔරොත්තු නොදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ එමඟින් මෙරට මිලියන 4 දශම 5ක් පමණ වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයිවන් තවදුරටත් පීඩාවට පත්වන බවයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ තවදුරටත් රට වසා දැමීම ශ්‍රී ලංකාවට ඔරොත්තු නොදෙන බවයි.

ඉන් මෙරට සාර්ව ආර්ථික මූලධර්මවලට දැඩි බලපෑමක්ද එල්ල වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

නිරෝධායන ඇඳිරිනීතිය පැවතුනද අත්‍යවශ්‍ය සේවා කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකියාව පවතිනවා.

ඒ අනුව දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා පමණක් අද දිනයේත් විවෘතව කෙරුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38