ජනප්‍රිය ගී රැසක් ලියූ අතිපූජ්‍ය කිවිපති මීගහවෙල සුමනශාන්ත හිමියන් අපවත් වෙයි

ගිරිඋල්ල  බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම රජ මහා විහාරාධිකාරි අතිපූජ්‍ය කිවිපති මීගහවෙල සුමනශාන්ත හිමියන් අපවත් වී තිබෙනවා.

ශ්‍රී සුමන අභයදාන සංගමයේ ලේකම් දිනේෂ් එම්. පතිරාජ කියා සිටියේ, කොරෝනා එන්නත ලද පසුව හදිසි අපහසුතාවකින් රෝගාතුර තත්ත්වයක් හේතුවෙන්,  උන්වහන්සේ  අපවත් වූ බවයි.

ගිහි කල සරත් මුණසිංහ නම් ප්‍රකට කවියෙකුව කටයුතු කළ සුමනශාන්ත හිමියන්, සරත් මුණසිංහ නමින් ප්‍රකටව සිටියා.

උන්වහන්සේගේ අපවත් වීම සම්බන්ධයෙන් ආනන්ද පද්මසිරි සිය ෆේස්බුක් ගිණුමෙහි මෙවැනි සටහනක් තබා තිබුණා.

“ලස්සනට පිපුන වනමල් ” – “එපා එපා මස් කන්නට” ( නිහාල් )- “රූසිරිය ඈගේ ” ( වර්නන්) – “මුතුමැණිකේ උදේ රැයින් ” ( සී.ටී. ) වැනි ජනප්‍රිය ගී ලියූ , ගිරිඋල්ල  බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම රජ මහා  විහාරාධිකාරි අතිපූජ්‍ය කිවිපති මීගහවෙල සුමනශාන්ත හිමියන්   අපවත් වූ බව  ශ්‍රී සුමන අභයදාන සංගමයේ ලේකම් දිනේෂ් එම් . පතිරාජ  ඉතාමත් සංවේගයෙන් දන්වා සිටී .

  අද  කොරෝනා එන්නත ලද පසුව හදිසි අපහසුතාවකින් රෝගාතුර වී  උන්වහන්සේ එක වරම අපවත් වූ බව දිනේෂ්    කියයි..ගිහි කල සරත් මුණසිංහ නම් ප්‍රකට කවියෙකුව

 ” මධු බිංදු ” ගී පොත සංස්කරණය කළ අතර පසුව ජෝතිර්වේදියෙකු ලෙසද ක්‍රියා කළේය . පැවිදි වූ පසුව නිහාල් නෙල්සන් හා එක්ව වාර්ෂිකව ගව අභයදාන පින්කම් රාශියක් කළ උන්වහන්සේ මට අවසන් වරට හමු වූයේද මොරටුවේ ” නිහාල් නෙල්සන් මාවත ” නම් කළ උළෙලේදීය . ජෝතිෂයට අනුව නම් යෙදීමේදී මටද උන්වහන්සේ සහාය දැක්වූ බව කෘතවේදීව සිහි කරමි . 

කොරෝනා නිසා මෙන්ම එන්නත නිසාද වටිනා  ජීවිත අහිමි වීම බලවත් කනගාටුවකි. ගරුතර මීගහවෙල සුමනශාන්ත නාහිමිපාණන්ට උතුම් නිවන් සුව ලැබේවායි පතන්නෙමි….

මේ අතර ජනප්‍රිය ගායකයෙක් වූ නිහාල් නෙල්සන් ද මීගහවෙල සුමනශාන්ත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන්, මෙලෙස සටහනක් තබා තිබුණා..

දෙවෙනි මනමාලයා වූවෙත් මමයි ඔබගේ              විවාහේ 

මගේ ගමනට දිරිය දුන්නේ ඔබේ ගී පද                   ප්‍රවාහේ 

නොසිතු විපතකි ඉතින් හද තුළ සතුට සැනසුම නොවෑහේ 

සිතින් සිත අද හමා යන්නේ ඔබේ යහගුණ             ප්‍රවාහේ

පර උනාදෝ නොසිතු මොහොතක ලස්සනට පිපි   වනමල් 

අභය දානය ලැබූ ගව සේනාවෙ ඇස්වල                  කඳුලැල්  

සසර මෙය  වෙයි කුමක්  කරමිද නැගී ආවත්         ළතැවුල් 

මහිමි නිවනේ නිවේවා මම පතමි පුදලා                   සුදු මල්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46