මෙච්චර ප්‍රශ්නයක් රටේ තියෙද්දී ආණ්ඩුව ඕවද කරන්න ඕනෑ ?

රජයේ අඩුපාඩු සහ රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන පක්ෂ විසින් සිදුකරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්,

” මෙච්චර ප්‍රශ්ණයක් රටේ තියෙද්දී ආන්ඩුව ඕවද කරන්න ඕනෑ ? “……. ඔබ මෙවැනි ප්‍රකාශ මුහුණු පොතේ දැක ඇති බව නොඅනුමානයි.

රටක ආර්ථිකය යනු ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. රට තුල සිදුවන ගණුදෙනු ( Exchanges) ප්‍රමාණය වැඩිවන විට දල ජාතික නිශ්පාදිතය වැනි රටේ ආර්ථිකය මනිනා දර්ශක ඉහල යාමක් දැකිය හැකි අතර ගණුදෙනු ප්‍රමාණය අඩුවන විට එම දර්ශක පහල යනවා දැකිය හැක.

ආර්ථික අවපාතයක් ඇති විට ආර්ථිකය සක්‍රීය කිරීම සඳහා කල යුත්තේ රටේ මුදල් භාවිතය නියාමනය කරන්නා ලෙස රජයේ මැදිහත් වීමෙන් කරනා සංවර්ධන කටයුතු තවත් සක්‍රීය කිරීම මිස රජය විසින් පටි තද කර ගැනීම නොවේ (මේ කතා කරන්නේ රාජ්‍ය යාන්ත්‍රණය තුල විශාල වශයෙන් සිදුවන නාස්තිය අඩු කර ගැනීම ගැන නොව පලදායී සංවර්ධන වියදම් කපා හැරීම ගැනය).

මන්ද රජය විසින් කරනා සෑම වියදමක්ම තවෙකෙකුට ආදායමක් වී (කොන්ත්‍රාත් කරුවන්ට හා සැපයුම්කරුවන්ට ආදායම් ඔවුන්ගේ සේවකයන්ට වැටුප් ආදී වශයෙන්) රට තුලට ගලා යන නිසාය.

මේ මුදල් ඔවුන්ගේ අවශ්‍යතාවෙනුවෙන් යලි යලිත් සංසරණය වන විට තවත් බොහෝදෙනෙකුට එය ආදායමක් වේ (කඩ හිමියන්, නිශ්පාදකයන් ස්වයං රැකියා කරන්නන්ගේ ආදායම හා ඔවුන්ගේ සේවකයන්ගේ වැටුප් ආදී වශයෙන්). ආර්ථිකය සක්‍රීව පවත්වාගැනිමට එය රුකුලක් වේ.

ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් වියදම් කිරීමට, රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමට රජයට ඍජු හා වක්‍ර බදු මුදල් එකතුවන්නේ ආර්ථිකය සක්‍රීය පැවතියොත් පමනි. රටේ ජනතාව ක්ෂේත්‍ර ගනනාවක රැකියා හා ව්‍යාපාර කරති.

ඒ නිසා මේ වෙලාවේ රජය අන් සියළු වියදම් නවතා ඒ සියල්ල එක් දෙයක් වෙනුවෙන් පමනක් වියදම් කල යුතුය කියා කීම ආර්ථිකය ගැන කිසිදු අවභෝධයක් නැත්තෙකු නොදැනුවත්කම කරනා නිසා ප්‍රකාශයකි, එසේත් නැත්නම් සිතා මතා රටේ ජනතාවට අගතිය ගෙන ඒමට බලාපොරොත්තු වන්නෙකුගේ කපටි දේශපාලන ප්‍රකාශයකි.

  1. ඕවි දේපාලුවන්ගෙ ගරානා පාරටත් මග අැහිරිලා නේ මුන්ට තේරෙන්නෙම නැ අවු73 රට එකම තැන තියෙන්නෙ සංවර්ධනයෙ කෙරුවාව තමයි මෙි අහල පහලම අලිගහලා මිනිසුන් මැරෙනවා අලිත් මැරෙනවා ඔය මුදල් ඵ්වට යොදවලා ජනතාවට සහන දීපල්ලා ඔය මංතීරු වුමනා වෙන්නෙ දේශපාලුවන්ටයි උන්ගේ බැලයන්ට මිසක් ජනතාවට නෙමෙි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50