AFC Banner
Empty Ad
Empty Ad

විදෙස් ගතවන අයට විශේෂ දැනුම් දීමක්

කොවිඩ් 19 රෝගයෙන් ආරක්ෂාවීමට ජනතාව ලබා ගන්නා එන්නතට අදාළ විද්‍යුත් සහතිකයක් ලබාදීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කර තිබෙනවා.

 කෙසේවෙතත්, එම විද්‍යුත් සහතිකය ලබා දෙන්නේ විදෙස්ගත වන පුද්ගලයින් සඳහා පමණයි.

 කොවිඩ් 19 වසංගතය ලොවපුරා ව්‍යාප්තවීමත් සමඟ ඉන් ආරක්ෂාවීම සඳහා පිළියම් සෙවීමට ලොවපුරා පර්යේෂකයින් දැඩි වෙහෙසක් දැරුවා.

එහි ප්‍රතිඵලයක් ලෙස මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ දමන එන්නත් ක්‍රියාවලියක් බිහිවූ අතර, මොඩර්නා , ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම්, ෆයිසර් ආදී එන්නත් වර්ග රැසක් නිර්මාණය වූයේ ඒ අනුවයි.

 කොවිඩ් වසංගතයට ගොදුරුවීමෙන් වැළකීම උදෙසා ජනතාව එන්නත්කරණයට ලක් කිරීම මේ වනවිට ගෝලීයව සිදුකෙරෙනවා.

කෙසේවෙතත්, බොහෝ රටවල් එන්නත් වර්ග කිහිපයකට පමණක් අනුමැතිය දීම හේතුවෙන් එම රටවල්වලට සංක්‍රමණය වන පිරිස් තමා ලබාගත් එන්නත පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමට අවශ්‍ය තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වී තිබෙනවා.

 ඒ අනුව මෙරටින් වෙනත් රටවලට සංක්‍රමණය වන පුද්ගලයින්ට මෙම තත්ත්වයට මුහුණදීමට සිදුවනවා.

 මෙරට දැනට සිදු කෙරෙන්නේ එන්නත් ලබාදීමේදී එම තොරතුරු සඳහන් කාඩ් පතක් නිකුත් කිරීමයි. 

කෙසේවෙතත්, එන්නත්කරණයට අදාළ තොරතුරු සඳහන් විද්‍යුත් සහතිකයක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?