විදෙස් ගතවන අයට විශේෂ දැනුම් දීමක්

කොවිඩ් 19 රෝගයෙන් ආරක්ෂාවීමට ජනතාව ලබා ගන්නා එන්නතට අදාළ විද්‍යුත් සහතිකයක් ලබාදීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කර තිබෙනවා.

 කෙසේවෙතත්, එම විද්‍යුත් සහතිකය ලබා දෙන්නේ විදෙස්ගත වන පුද්ගලයින් සඳහා පමණයි.

 කොවිඩ් 19 වසංගතය ලොවපුරා ව්‍යාප්තවීමත් සමඟ ඉන් ආරක්ෂාවීම සඳහා පිළියම් සෙවීමට ලොවපුරා පර්යේෂකයින් දැඩි වෙහෙසක් දැරුවා.

එහි ප්‍රතිඵලයක් ලෙස මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ දමන එන්නත් ක්‍රියාවලියක් බිහිවූ අතර, මොඩර්නා , ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම්, ෆයිසර් ආදී එන්නත් වර්ග රැසක් නිර්මාණය වූයේ ඒ අනුවයි.

 කොවිඩ් වසංගතයට ගොදුරුවීමෙන් වැළකීම උදෙසා ජනතාව එන්නත්කරණයට ලක් කිරීම මේ වනවිට ගෝලීයව සිදුකෙරෙනවා.

කෙසේවෙතත්, බොහෝ රටවල් එන්නත් වර්ග කිහිපයකට පමණක් අනුමැතිය දීම හේතුවෙන් එම රටවල්වලට සංක්‍රමණය වන පිරිස් තමා ලබාගත් එන්නත පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමට අවශ්‍ය තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වී තිබෙනවා.

 ඒ අනුව මෙරටින් වෙනත් රටවලට සංක්‍රමණය වන පුද්ගලයින්ට මෙම තත්ත්වයට මුහුණදීමට සිදුවනවා.

 මෙරට දැනට සිදු කෙරෙන්නේ එන්නත් ලබාදීමේදී එම තොරතුරු සඳහන් කාඩ් පතක් නිකුත් කිරීමයි. 

කෙසේවෙතත්, එන්නත්කරණයට අදාළ තොරතුරු සඳහන් විද්‍යුත් සහතිකයක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54