Empty Ad
AFC Banner
Empty Ad

2009 වසරට පෙර ගත් රියදුරු බලපත්‍ර වලට සිදුව ඇති දේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් 2009 වසරට පෙර මුද්‍රණය කළ රියැදුරු බලපත්‍ර ලක්ෂ 20කට වැඩි ප්‍රමාණයක තොරතුරු එහි පරිගණක පද්ධතියට එක්කර නැති බව එම දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

1970 සිට 2000 වසර දක්වා වූ කාලයේ නිකුත් කර ඇති ලක්ෂ ගණනක රියැදුරු බලපත්වල තොරතුරු මෙම පරිගණක පද්ධතියේ නැති බව ද 2009 වසරෙන් පසු නිකුත් කර ඇති සියලුම රියැදුරු බලපත්වල තොරතුරු මෙම පද්ධතියට එක්ව ඇති බව ද එම ආරංචිමාර්ග පවසයි.

2009ට පෙර නිකුත් කර ඇති රියැදුරු බලපත්‍ර අලුත් කිරීමේ අවශ්‍යතාවක් නොපැවතීමත් ඒවායෙහි තොරතුරු ලිපි ලේඛනවල සටහන් කර තිබීමත් බොහෝ ලිපිලේඛන විනාශ වී සහ අස්ථානගත වීමත් මත මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් ප්‍රකාශකයකු සඳහන් කළේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර රියැදුරු බලපත් කාර්යාල ලේඛනාගාරයේ තොරතුරු සටහන් ලෙජර් පොත් පන්සියයකට වැඩි ගණනක් තිබෙන බවත් ඒ අතරින් සිය ගණනක්ම මීයන් සහ වේයන් කෑමෙන් විනාශ වී සහ අස්ථානගත වී ඇති බවත් වාර්තා වේ.

මේ හේතුවෙන් පැරණි රියැදුරු බලපත්‍රයක් අස්ථානගත වූ අයෙකුට දඩ කොළයක් හෝ බලපත්‍රය තමන්ගේ යැයි සනාථ කළ හැකි අනන්‍ය සහතිකයක් ගෙන ඒමට හෝ තොරතුරු නැති නම් මුල සිටම නව රියැදුරු බලපතක් ලබාගැනීමට සිදුව ඇත.

මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (රියැදුරු බලපත්) චතුර ලියනගුණවර්ධනගෙන් කළ විමසුමකදී සඳහන් කළේ ලෙජර් පොත්වල සටහන් කර ඇති රියැදුරු බලපත්‍ර තොරතුරු නව පරිගණක පද්ධතියට එක්කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවය.

2009 සිට 2020 වසර අවසානය දක්වා පැරණි රියැදුරු බලපත්‍ර දාහතර ලක්ෂ හැත්තෑ පන්දහසක් අලුත් කර ඇතැයිද සහකාර කොමසාරිස්වරයා සඳහන් කළේය.

2009 වසරෙන් පසු නිකුත් කර ඇති සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍ර වසර අටකින් සහ බරවාහන රිය බලපත් වසර හතරකින් අලුත් කිරීම අනිවාර්ය වන නමුත් එම වසරට පෙර නිකුත් කර ඇති රියැදුරු බලපත්‍ර අලුත් කිරීම අනිවාර්ය නොවන බව ද හෙතෙම කීවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
61
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
කිරිවෙහර විහාරාධිපති CIDයෙන් එළියට - දවල් දානෙත් ඇතුලේදීම විහාරාධිපති හිමිට දීලා
06:06
Video thumbnail
මේ විසිට් විසා වංචාවට ඔබත් අහු වුණාද ? නම් ගම එක්ක සියල්ල මාධ්‍ය හමුවේ හෙළිවෙයි
18:20
Video thumbnail
අර්චුනා අද හොඳටම ෆයර් වෙයි - උළු උඩ යන්න දෙන දීම අහලම බලන්න
06:44
Video thumbnail
ජනාධිපති සහ සුරාබදු නිලධාරීන් අතර විශේෂ සාක්ච්ඡාවක්
00:27
Video thumbnail
ලොහාන්ගෙන් සුබ පණිවිඩයක්
00:14
Video thumbnail
දැන් ත්‍රීවිල් වල ගහන්නේ නාමල් අපිට ඕනේ කියලා - මාලිමාව ලෙෆ්ට්
01:26
Video thumbnail
සජබේ ප්‍රසාද් නියෝජ්‍ය ඇමති එක්ක පැටලෙයි
16:56
Video thumbnail
කැත වැඩ කරපු අක්කාව මාට්ටු - Video කරන්න එපා - අපේ තාත්තා පෝලීසියේ
00:39

?