තවත් සති 03ක් රට වසන්නැයි විශේෂඥ වෛද්‍යවරුන් දන්වති

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

රට වැසීමෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබීමට නම් ….

කොරෝනා වසංගතය පාලනය කිරීමේ ප්‍රධානම අවිය පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙකුට එය පැතිරීම වැළැක්වීම බව මුළු ලොව ම හොඳින් දන්නා කරුණකි. මේ සඳහා ප්‍රධාන වන්නේ පුද්ගලයන් එක්වීම සහ එකිනෙකා මුණ ගැසීම අවම කිරීමයි. මේ වසංගතයේ පාලනය සම්බන්ධයෙන් දැනට රජය ගෙන ඇති පියවර අප ඉතා අගය කරන අතර මේ වන විට ඉතා හොඳින් ක්‍රියාත්මක වන සීඝ්‍රගාමී ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙලද ඒ සඳහා මහඟු කාර්යයක් කරනු ඇත.

කෙසේ වුවද දැනට භාවිතා වන සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමේදී මහජනතාව ඉතා ලිහිල් සහ නොසැලකිලිමත් ලෙස හැසිරෙන ආකාරය දැකීම,  රෝගය පැතිරීම උච්චතම වී ඇති මෙම අවස්ථාවේදී  අප ඉතා දැඩි කනස්සල්ලට පත් කරන්නකි. රෝගය දැඩිව පැතිරීම වැලැක්වීම, දැඩි ලෙස රෝගාතුර වූ අයගේ සංඛ්‍යා අඩු කිරීම සහ මරණ සංඛ්‍යාව අඩු කිරීම යන අපගේ ඉලක්ක කරා යෑමට හා ආර්ථිකය නැංවීම යන බලාපොරොත්තු මෙවැනි ලිහිල් සංචරණ සීමා මගින්  කෙසේවත් බලාපොරොත්තු විය නොහැක. මේ සඳහා අපගේ කාරුණික ආයාචනය නම් මීට වඩා දැඩි සංචරණ සීමා මගින් භෞතික ලෙස පුද්ගලයින් එකිනෙකා මුණ ගැසීම වැළැක්වීම සඳහා මහජනතාව ගේ මූලිකත්වයෙන්  ක්‍රියාත්මකවීමේ  වැඩපිළිවෙලක් සඳහා ඔවුන් දැනුවත් කිරීම සහ පෙළඹවීම කළ යුතු බවයි. අප විසින් මින් පෙර ද පෙන්වා දුන් පරිදි ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළේ ඉලක්ක කරා ළඟා වනතුරු මහජනතාව විසින් මෙය ට ඉතා දැඩි ලෙස අනුගත වීම අත්‍යවශ්‍යම කරුණකි.

දෛනික රෝගීන් ගණන මෙන්ම මරණ සංඛ්‍යාව අතින්ද අප රට ලෝකයේ ඉතාමත්ම ඉහළ සංඛ්‍යාවක් පෙන්නුම් කරන රටක් බවට පත්වීම ඉතාමත් අවාසනාවන්ත තත්වයක් ලෙස අපි දකිමු. අපගේ සෞඛ්‍ය පද්ධතිය ඉතාමත් දැඩි කඩාවැටීමකට පත්වෙමින්  ඇති අතර ඔක්සිජන් අවශ්‍ය කරන රෝගීන් වැඩි වීම සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ සැලකිය යුතු කොටසක් මෙම රෝගයේ ම  ගොදුරක් බවට පත් වීම මෙයට ප්‍රධාන හේතු වේ.

අප රටේ දැනට පවතින තත්ත්වය පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය  මගින්  පත්කළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම විසින් 26/08/2021 දින ඉදිරිපත් කරන ලද සවිස්තරාත්මක වාර්තාව අප අනුමත කරන අතර, අප තව දුරටත් අනෙකුත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් මෙන්ම ආර්ථික විශේෂඥයින් සමග ලෝකයේ අනිත් රටවල් හා සංසන්දනාත්මකව අපගේ වර්තමාන තත්ත්වය  සාකච්ඡා කරන අතර, රටක් වශයෙන් අප රටේ සුවිශේෂිත ලක්ෂණ ගැනද මෙම සාකච්ඡාවලදී   ප්‍රමුඛත්වය දීමට අප අමතක නොකරමු. මෙම සියල්ලන් යෝජනා කරන ප්‍රධාන කරුණක් නම් දැනට අප තාවකාලිකව මුහුණ දී සිටින ආර්ථික අපහසුතා වලින් මිදී රට නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමේ කර්තව්‍යයේදී මනුෂ්‍ය ජීවිත බේරාගැනීම සඳහා ප්‍රමුඛතාව දීම ඉතා වැදගත් වන බවයි.

මෙවැනි පසුබිමක් යටතේ අපගේ ප්‍රධාන ඉල්ලීම් වශයෙන් අප යෝජනා කරන්නේ –

  1. රෝගීන් සංඛ්‍යාව අඩු කිරීම මගින් සෞඛ්‍ය අංශ මත ඇති දැඩි බලපෑම් අඩුකිරීම.
  2. දිගුකාලීන වැඩපිළිවෙළක් මගින් රටේ ආර්ථිකය නැංවීමට කටයුතු කිරීම අවශ්‍ය බව සහ මේ සඳහා කෙටිකාලීන මාර්ග ගැන බලාපොරොත්තු නොතැබිය යුතු බව
  3. අන්තර්ජාතික ප්‍රජාවේ පිළිගැනීම සහ අනුමැතිය අනුව රට නැවත විවෘත කිරීමට කටයුතු කිරීමේ වැදගත් බව.

ඒ සඳහා අපගේ කාරුණික ආයාචනය නම්  රට  තුළ දැනට ක්‍රියාත්මක සංචරණ  සීමා, ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළේ ඉලක්ක සපුරා  ගන්නා තුරු තවදුරටත් ඉතා දැඩිව ඉදිරියටත් ක්‍රියාත්මක විය යුතු අතර මෙමගින් අප බලාපොරොත්තු වන්නේ –

  1. කොරෝනා මරණ අඩු කිරීම මගින් ආර්ථිකයට වන පාඩු අවම කිරීම සහ එමගින් රට නැවත යථා තත්ත්වයට පත් කිරීමෙන් ආර්ථිකය නැවත ඉහළ නැංවීම
  2. ඉතා දැඩි අර්බුදයකට ලක් වී ඇති සෞඛ්‍ය සේවා , කොරෝනා රෝගීන් ට මෙන්ම අනෙකුත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යථා තත්වයට පත් කිරීම.
  3. අන්තර්ජාතික ප්‍රජාව මගින් සංචරණය සදහා ලබාදෙන “කොළ” තත්ත්වය මෙම වසර අවසානයේදී හෝ ලබාගැනීමෙන් ආර්ථික සංවර්ධනය සඳහා ඇති හැකියාව මුදුන්පත් කර ගැනීම.

මෙයට අමතරව , ජනාධිපතිතුමා මෙන්ම රජයද ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම අනෙකුත් විශේෂඥ සංවිධාන සමග  නිරන්තරව මේ සම්බන්ධයෙන්  සාකච්ඡා කිරීමෙන් අවශ්‍ය උපදෙස් ලබාගැනීම මෙහිදී ඉතා වැදගත් වන බව ද අපගේ හැඟීමයි.

අවසාන වශයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස අප මෙහිදී යලිත් ඉල්ලා සිටින්නේ දැනට රට මුහුණ පා ඇති මෙම දැඩි වසංගත අවස්ථාවේ දැනට පවත්නා සංචරණ සීමා ලිහිල් නොකර  අඩු වශයෙන් තව සති තුනකට හෝ  එම සීමා  දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත්,  එයින් පසු රටේ වාතාවරණය සමාලෝචනය කිරීමෙන් පසු ආරක්ෂිත ලෙස රට විවෘත කිරීිමට ඉදිරි පියවර ගත යුතු බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09