එස්.බී මාධ්‍ය හමුවේ දුක්බර කතාවක් කියයි

කොවිඩ් අරමුදලට වැටුපු පරිත්‍යාග කිරීමට නොහැකි තරමටම තවත් අමාරුවෙන් ජීවත්වෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු ගැන කරුණු හෙළිදරව් වී තිබෙනවා.

ඒ එස්.බී.දිසානායක මන්ත්‍රීවරයායි.

කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට වැටුපක් තමන්ට ලැබෙන්නේ නැති බවයි එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මුළු වැටුපම ණය වාරික වලට

තම මුලු වැටුපම ණය වාරික සඳහා බැංකු වලට කැපෙන බැවින් ජීවත්වන්නේ බිරිඳගේ වැටුපෙන් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

තමා රු. ලක්ෂ 300 ක් බැංකුවලට ණය වූ බැවින් ඒ සඳහා වැටුප සම්පූර්ණයෙන්ම කැපෙන බව දිසානායක මහතා සඳහන් කරන්නේ සිය වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරනවාදැයි මාධ්‍ය හමුවකදී නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්.

අමාරුවෙන් ජීවත් වීම

කොහොමත් අමාරුවෙන් ජීවත් වන බව සඳහන් කරන දිසානායක මහතා තමා හැමදාම ජීවත් වූයේ ගොවිතැනින් බවයි පෙන්වා දෙන්නේ.

තමාගේ ප්‍රධාන ආදායම් මාර්ගය ගොවිතැන බවයි දිසානායක මහතා අවධාරණය කරන්නේ.

එහෙත් කෙසේ හෝ යම් මුදලක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කළ යුතු බවත් දිසානායක මහතා සඳහන් කරනවා.

මීට කාලයකට පෙර සිය ගම් පෙදෙස වූ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ මාලිගාවක් වැනි නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන්ද දිසානායක මහතා ප්‍රසිද්ධියට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41