AFC Banner
Empty Ad
Empty Ad

එස්.බී මාධ්‍ය හමුවේ දුක්බර කතාවක් කියයි

කොවිඩ් අරමුදලට වැටුපු පරිත්‍යාග කිරීමට නොහැකි තරමටම තවත් අමාරුවෙන් ජීවත්වෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු ගැන කරුණු හෙළිදරව් වී තිබෙනවා.

ඒ එස්.බී.දිසානායක මන්ත්‍රීවරයායි.

කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට වැටුපක් තමන්ට ලැබෙන්නේ නැති බවයි එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මුළු වැටුපම ණය වාරික වලට

තම මුලු වැටුපම ණය වාරික සඳහා බැංකු වලට කැපෙන බැවින් ජීවත්වන්නේ බිරිඳගේ වැටුපෙන් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

තමා රු. ලක්ෂ 300 ක් බැංකුවලට ණය වූ බැවින් ඒ සඳහා වැටුප සම්පූර්ණයෙන්ම කැපෙන බව දිසානායක මහතා සඳහන් කරන්නේ සිය වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරනවාදැයි මාධ්‍ය හමුවකදී නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්.

අමාරුවෙන් ජීවත් වීම

කොහොමත් අමාරුවෙන් ජීවත් වන බව සඳහන් කරන දිසානායක මහතා තමා හැමදාම ජීවත් වූයේ ගොවිතැනින් බවයි පෙන්වා දෙන්නේ.

තමාගේ ප්‍රධාන ආදායම් මාර්ගය ගොවිතැන බවයි දිසානායක මහතා අවධාරණය කරන්නේ.

එහෙත් කෙසේ හෝ යම් මුදලක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කළ යුතු බවත් දිසානායක මහතා සඳහන් කරනවා.

මීට කාලයකට පෙර සිය ගම් පෙදෙස වූ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ මාලිගාවක් වැනි නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන්ද දිසානායක මහතා ප්‍රසිද්ධියට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?