AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ලෝකයේ රටවල් රැසක අනුමැතිය හිමි වූ ඖෂධය මෙරටට අහිමි වෙයි

කොවිඩ් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ලෝකයේ රටවල් රැසක අනුමැතිය හිමි වූ “රෙගන් කෝව් ” නමැති ඖෂධය මෙරටට ගෙන්වීමේ අවස්ථාව අහිමි වී ගොස් තිබෙනවා. ඒ, දේශපාලන බලපෑම් හේතුවෙන්. 

“රෙගන් කෝව් ” නමැති ඖෂධය දැඩි අසාධ්‍ය රෝගීන්ට පවා ලබාදීමේදී සියයට 31 ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවටයි වාර්තා වන්නේ. 

අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත අවදානම එමගින් සියයට 81 කින් අඩු වන බවද පරීක්‍ෂණවලින් සනාථ කර ඇති බව සදහන්. අමෙරිකාව, ජපානය, ඉන්දියාව ඇතුළු රටවල් රැසක්ද දැනටමත් ඊට අනුමැතිය ලබාදී තිබෙනවා.

“රෙගන් කෝව් ” නමැති මෙම ඖෂධය සම්බන්ධයෙන් ලෝකයේ පළමු වරට කතාබහක් මතු වුණේ අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොරෝනා වෛරසය අසාදානය වූ අවස්ථාවේදී එය ලබාදීමත් සමගයි. 

සංකූලතා සහිතවුවද ඩොනල්ඩ් ට්‍රම්ප් එමගින් සුවය ලැබීමත් සමග ඔහු විසින්ම එම ඖෂධය සම්බන්ධයෙන් අනාවරණ කරනු ලැබුවා. ඒ වනවිටත් එම ඖෂධය පැවතුණේ සායනික පරීක්‍ෂණ මට්ටමේයි. පසුව එම එන්නතට රටවල් රැසක අනුමැතිය හිමිව ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම ඖෂධය මෙරටට රැගෙන ඒම සඳහා පෞද්ගලික සමාගමක් මෙරට සෞඛ්‍ය බලධාරීන්ගෙන් කළ ඉල්ලීමකට අනුව ඊට අනුමැතිය ලැබී ඇති බවටද වාර්තා පළ වුණා. කෙසේවෙතත් එම අනුමැතිය හදිසියේ අවලංගු කර ඇත්තේ දේශපාලන බලපෑමක් මත බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?