දොස්තරගේ අවුරුදු 12ක දුවට ෆයිසර් එන්නත දුන්න හැටි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු අනුමැතියකින් තොරව වයස අවුරුදු දොළහක දැරියකට කොවිඩ් මර්දන එන්නත ලබා දෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම හලාවත කොක්කාවිල ප්‍රාථමික විදුහලේ එන්නත් මධ්‍යස්ථානය බාර වෛද්‍යවරයා සහ එහි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක පුත්තලම මූලික රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යැවූ බව පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

කොවිඩ් මර්දන එන්නත ලබාදී ඇති මෙම දැරිය එම වෛද්‍යවරයාගේ දියණියක බවද ඇය සඳහන් කළාය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් (26) ආරම්භ කළ බවත් එම විමර්ශනයේ ප්‍රතිඵල මත අදාල වෛද්‍යවරයාට සහ පවුල් සෞඛ්‍ය සේවිකාවට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය කීවාය.

පුත්තලමේ එන්නත්කරණ වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබියදී මෙවැනි නීති විරෝධී හා සදාචාර විරෝධී සිද්ධියක් සිදුවීම ගැන තමා කනගාටුවන බවත් මෙවැනි සිදුවීම් ඉදිරියටද සිදුවීම වැළැක්වීම සඳහා තමා විශේෂ වැඩපිළිවෙළක් අරඹා ඇති බවත් වෛද්‍ය දිනූෂා පුනාන්දු මහත්මිය පැවසුවාය.

මේ අනුව එන්නත්කරණ කටයුතුවල යෙදෙන පුත්තලමේ සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට රජයේ එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පුළුල් දැනුවත් කිරීමක් 28 සිදුකිරීමට කටයුතු යොදා ඇතැයිද ඇය සඳහන් කළාය.

මේ සිද්ධියට අදාළ විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව එම එන්නත්කරණ මධ්‍යස්ථානයේ සී.සී.ටී.වී කැමරාවේ සටහන් වී ඇති දර්ශනද පරීක්ෂාවට ලක් කර ඇත.

එන්නත්කරණ මධ්‍යස්ථානයට පැමිණි වෛද්‍යවරයාගේ දියණිය එහි සිටි පොලිස් හා හමුදා නිලධාරීන් විසින් එම ස්ථානයෙන් ඉවතට ඉවතට යවනු ලැබූ අවස්ථාවේදී චෝදනාවට ලක්ව සිටින පවුල් සෞඛ්‍ය සේවිකාව ඇය නැවතත් කැඳවාගෙන විත් එන්නත ලබා දෙන ආකාරය එම සී.සී.ටී.වී දර්ශනවල දැක්වෙන බව පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

චෝදනා ලබා සිටින වෛද්‍යවරයාගෙන්ද මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය කරුණු විමසා ඇති අතර ඔහු ඒ සම්බන්ධයෙන් එහිදී කිසිදු ප්‍රකාශයක් කර නැත.

අධ්‍යක්ෂවරිය ඒ සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්න කළ අවස්ථාවේදී වෛද්‍යවරයා ” මැඩම් මට සමාවෙන්න” යනුවෙන් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

වෛද්‍යවරයා කුමන මානසිකත්වයකින් දියණියට එන්නත ලබා දුන්නාදැයි තමාට ප්‍රහේලිකාවක් බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය පැවසුවාය.

මෙම චෝදනාවට ලක්වූ වෛද්‍යවරයා හලාවත කොක්කාවිල රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා බව පැවසේ.

කෙසේ වෙතත් සිද්ධියවන අවස්ථාවේදී එම වෛද්‍යවරයා එන්නත්කරණ මධ්‍යස්ථානයේ සිට නැති බවත් ඔහු ඒ අවස්ථාවේදී සිට ඇත්තේ ඊට නුදුරින් වූ වෙනත් එන්නත්කරණ මධ්‍යස්ථානයක බවත් වාර්තා වේ.

චෝදනාවට ලක් වූ වෛද්‍යවරයාගේ දියණියට ලබාදී ඇත්තේ ෆයිසර් වර්ගයේ එන්නත් මාත්‍රාවක්ය.

මේ අතර කොක්කාවිල එන්නත්කරණ මධ්‍යස්ථානයට පිට පළාත්වලින් පැමිණි අයට එන්නත ලබා දුන් බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් එම මධ්‍යස්ථානය අසල උද්ඝෝෂණයක යෙදීම නිසා එහි නොසන්සුන් තත්වයක් (25) ඇතිවිය.

කොවිඩ් මර්දන එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් අනුමැතිය ලබා දී ඇත්තේ වයස 18ට වැඩි පුද්ගලයන්ට පමණි. -ලංකාදීප

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09