Empty Ad
AFC Banner
Empty Ad

රජයෙන් දෙන සහන මල්ල ගැන සජිත් කියන අමුතු කතාව

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

ආණ්ඩුව නිරෝධායන සහන මල්ලත් පැහැර ගනී

නිරෝධායනය වන පවුල් සඳහා ලබාදෙමින් තිබූ රු. 10,000ක් වටිනාකමින් යුත් සහන මල්ල සීමා කොට, තෝරාගත් පිරිසකට පමණක් ලබා දීමට ආණ්ඩුව තීරණයක් ගෙන තිබේ.

– ජනතාවගේ ගෙල සිරකොට හෝ සිය අරමුණු ඉටුකර ගැනීමට දෙවරක් නොසිතන ආණ්ඩුව කොරෝනා ව්‍යසනයෙන් අන්ත අසරණව සිටින ජනතාවගෙන්ද පලිගැනීම ආරම්භ කොට තිබේ.

– කෙටි කලකට හෝ රට වසා දමන්නැයි අප ආණ්ඩුවට බලකළේ පවත්නා බිහිසුණු කොරෝනා ව්‍යාප්තියෙන් ජීවිත බේරා ගැනීමට මිස එය ජන ජීවිත පීඩාවට පත් කිරීමට ආණ්ඩුවට දුන් බලපත්‍රයක් නොවේ.අප පුනපුනා කළ ඉල්ලීම කඩිනම් නොකර කල්මැරීමෙහි ආදීනව රටම භුක්ති විදිමින් සිටින අතර කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් රටවල් අතර ප්‍රමුඛ තැනකට අපේ රට පත්ව ඇත්තේද ඒ හිතුවක්කාරී ක්‍රියාපිලිවෙත නිසාය.

– වසා දැමූ බොහෝ රටවල් සිය ජනතාවගේ ජීවිත නඩත්තු කිරීමට සහන පැකේජ හදුන්වා දී ඇති නමුත් ලංකාවේ සිදුවෙමින් තිබෙන්නේ අපේ බලපෑම නිසාම ජනතාවට දෙන්නට වූ අවම සහන මල්ල පවා අත් හිටුවීම ය.

– “ජනතාවට කැපකිරීම් කරන්න”යැයි ආණ්ඩුව ඉල්ලා සිටින නමුත්,කොරෝනා උවදුර ආරම්භ වූ දවසේ සිටම ජනතාව කරනු ලබන කැපකිරීම ආණ්ඩුවට නොපෙනීම සහ නොදැනීම අදහාගත නොහැකි ය.

– ජනතාවට කැපකිරීම් කරන්න යැයි කියන්නේ මේ වනවිට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉතිහාසයේ පෙර නොවූ විරූ තරම් ඉහළ දැමූ ආණ්ඩුව ය.
– ජනතාවට කැපකිරීම් කරන්න යැයි කියන්නේ ආහාර වියදම දරාගැනීමේ ශක්තිය අතින් ලංකාව ලොව දුප්පත්ම රටවල් 5 අතරට දමා වැටුපෙන් 66%ක් ආහාර වලට වැයකරන තැනට රට පත් කළ ආණ්ඩුව ය. ජනතාවට කැපකිරීම් කරන්න යැයි කියන්නේ ධන කුවේරයන්ට බදු සහන ලබා දී මිලියන හයසීයක් රටට අහිමි කළ ආණ්ඩුව ය.

– ජනතාවට කැපකිරීම් කරන්න යැයි කියන්නේ සීනි සහ පොල්තෙල් වංචාවන් හරහා ගජමිතුරන්ට සහන ලබා දුන් ආණ්ඩුව ය.

තුන් වේල තබා එක වේලක් හෝ කෑමට යමක් නැතිව සුසුම් හෙළන ලක්ෂ ගණනක් පුරවැසියන් ජීවත්වන රටක ජනතාවට කැපකිරීම් කරන ලෙස ඉල්ලීම තරම් සාහසික ඉල්ලීමක් තවත් නැත. කොරෝනා ව්‍යසනය මැද ජීවිතය සහ මරණය සමග අරගල කරන මිනිසුන්ගේ සහන මල්ලටත් සීමා දමනවානම් ඒ ආණ්ඩුවේ අමානුෂිකත්වයේ තරම වටහාගත හැකිය.

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03
Video thumbnail
මරික්කාර් අද පාර්ලිමේන්තුව දෙක කරයි - නජිත් එක්ක මරික්කාර් ෆොටෝ එකකට පැටලෙයි
17:35
Video thumbnail
කාදිනල් හිමි ආණ්ඩුවට රතු එළි දල්වයි - ඩීල් දාන්න එපා අපිට දීපු පොරොන්දු ඉටු කරන්න
13:11
Video thumbnail
අපිට සද්දේ දාන්න එන්න එපා හරිද ඔයා - වැටලීම උණුසුම් වෙයි - මුදලාලිට හොඳට කියලා දෙයි
14:23
Video thumbnail
හිටපු ජනපති සිරිසේන කාලෙකට පස්සේ කට අරියි
11:48
Video thumbnail
දයාසිරි ආණ්ඩුවේ ලිස්ට් එකක් එළියට දායි
17:58
Video thumbnail
පිරිත් හඬ මැද පොහොට්ටුව වැඩ අල්ලයි - කොල්ලෝ කෙල්ලෝ පොහොට්ටුවේ අපේක්ෂකත්වය ගන්න පොරකයි
05:09
Video thumbnail
කොළඹ නගරාධිපති පුටුවට අසේල සම්පත් බත්තරමුල්ලේ සීලරතන හිමි එක්ක
15:31

?