රජයෙන් දෙන සහන මල්ල ගැන සජිත් කියන අමුතු කතාව

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

ආණ්ඩුව නිරෝධායන සහන මල්ලත් පැහැර ගනී

නිරෝධායනය වන පවුල් සඳහා ලබාදෙමින් තිබූ රු. 10,000ක් වටිනාකමින් යුත් සහන මල්ල සීමා කොට, තෝරාගත් පිරිසකට පමණක් ලබා දීමට ආණ්ඩුව තීරණයක් ගෙන තිබේ.

– ජනතාවගේ ගෙල සිරකොට හෝ සිය අරමුණු ඉටුකර ගැනීමට දෙවරක් නොසිතන ආණ්ඩුව කොරෝනා ව්‍යසනයෙන් අන්ත අසරණව සිටින ජනතාවගෙන්ද පලිගැනීම ආරම්භ කොට තිබේ.

– කෙටි කලකට හෝ රට වසා දමන්නැයි අප ආණ්ඩුවට බලකළේ පවත්නා බිහිසුණු කොරෝනා ව්‍යාප්තියෙන් ජීවිත බේරා ගැනීමට මිස එය ජන ජීවිත පීඩාවට පත් කිරීමට ආණ්ඩුවට දුන් බලපත්‍රයක් නොවේ.අප පුනපුනා කළ ඉල්ලීම කඩිනම් නොකර කල්මැරීමෙහි ආදීනව රටම භුක්ති විදිමින් සිටින අතර කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් රටවල් අතර ප්‍රමුඛ තැනකට අපේ රට පත්ව ඇත්තේද ඒ හිතුවක්කාරී ක්‍රියාපිලිවෙත නිසාය.

– වසා දැමූ බොහෝ රටවල් සිය ජනතාවගේ ජීවිත නඩත්තු කිරීමට සහන පැකේජ හදුන්වා දී ඇති නමුත් ලංකාවේ සිදුවෙමින් තිබෙන්නේ අපේ බලපෑම නිසාම ජනතාවට දෙන්නට වූ අවම සහන මල්ල පවා අත් හිටුවීම ය.

– “ජනතාවට කැපකිරීම් කරන්න”යැයි ආණ්ඩුව ඉල්ලා සිටින නමුත්,කොරෝනා උවදුර ආරම්භ වූ දවසේ සිටම ජනතාව කරනු ලබන කැපකිරීම ආණ්ඩුවට නොපෙනීම සහ නොදැනීම අදහාගත නොහැකි ය.

– ජනතාවට කැපකිරීම් කරන්න යැයි කියන්නේ මේ වනවිට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉතිහාසයේ පෙර නොවූ විරූ තරම් ඉහළ දැමූ ආණ්ඩුව ය.
– ජනතාවට කැපකිරීම් කරන්න යැයි කියන්නේ ආහාර වියදම දරාගැනීමේ ශක්තිය අතින් ලංකාව ලොව දුප්පත්ම රටවල් 5 අතරට දමා වැටුපෙන් 66%ක් ආහාර වලට වැයකරන තැනට රට පත් කළ ආණ්ඩුව ය. ජනතාවට කැපකිරීම් කරන්න යැයි කියන්නේ ධන කුවේරයන්ට බදු සහන ලබා දී මිලියන හයසීයක් රටට අහිමි කළ ආණ්ඩුව ය.

– ජනතාවට කැපකිරීම් කරන්න යැයි කියන්නේ සීනි සහ පොල්තෙල් වංචාවන් හරහා ගජමිතුරන්ට සහන ලබා දුන් ආණ්ඩුව ය.

තුන් වේල තබා එක වේලක් හෝ කෑමට යමක් නැතිව සුසුම් හෙළන ලක්ෂ ගණනක් පුරවැසියන් ජීවත්වන රටක ජනතාවට කැපකිරීම් කරන ලෙස ඉල්ලීම තරම් සාහසික ඉල්ලීමක් තවත් නැත. කොරෝනා ව්‍යසනය මැද ජීවිතය සහ මරණය සමග අරගල කරන මිනිසුන්ගේ සහන මල්ලටත් සීමා දමනවානම් ඒ ආණ්ඩුවේ අමානුෂිකත්වයේ තරම වටහාගත හැකිය.

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36
Video thumbnail
මුදල් වංචා වුණේ නෑ කියනවා නෙවෙයි අපි - යටපත් කරන්නේ නෑ - අපිත් පිරිසිදු වෙන්න ඕනි
05:47
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35
Video thumbnail
කසිප්පුකාරයා කිව්ව එක ගැන අහද්දි චන්දනට කට උත්තර නැතිවෙයි ?කිසිසේත්ම එහෙම ආමන්ත්‍රණයක් නෑ
08:42
Video thumbnail
අමෙරිකාවට හෙම්බිරිස්සාවක් හැදෙද්දි අපිට නිවිමෝනියාව හැදෙන ආර්ථිකයක්ද තාම තියෙන්නේ ?
07:39