දෙමව්පියන්ගේ හිතුමනාපය පරිදි දරුවන්ට විටමින් C ලබාදීම නුසුදුනු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසයි.
මේ දිනවල දරුවන්ට සුදුසු බව පවසමින් සමාජ මාධ්‍යවල විවිධ බෙහෙත් වර්ග පිළිබඳව සඳහන් කළද වෛද්‍ය උපදෙස් වලින් තොරව කිසිඳු ඖෂධයක් දරුවන්ට නොදෙන ලෙස වෛද්‍යවරයා පවසයි.
දරුවන්ට හිතුමනාපේ බෙහෙත් ලබා දීමෙන් වෙනත් අතුරු ආබාධ ඇතිවිය හැකි බව වෛද්‍යවරයා පවසයි.
” දෙමව්පියන්ට හිතෙන පරිදි දරුවන්ට විටමින් C දෙන්න එපා කියන එක තමයි අපි කියන්නේ. මොකද දරුවන්ට විටමින් C කොච්චර දෙන්න ඕනෙද කියලා කවුරුත් දන්නේ නෑ. උණ තියෙනවා නම් නියමිත මාත්‍රාවෙන් පැරසෙටමෝල් ලබාදෙන්න. ඊට වඩා දෙයක් තියෙනවා නම් රෝහලකට හෝ වෛද්‍යවරයෙකු හමුවෙලා වෛද්‍ය උපදෙස් අනුව පමණක් ලබාදිය හැකි ඖෂධ පමණක් ලබාදෙන්න.”