සෙල්ලම් කරමින් සිටියදී දැරියක් හදිස්සියේ ඇද වැටී මියයයි – ඇඟ කිලිපොලා යන හේතුව මෙන්න

නිවෙසේ සෙල්ලම් කරමින් සිටියදී හිටි හැටියේ ඇද වැටී මරණයට පත් වී ඇති බළන්ගොඩ, මාරතැන්න ප්‍රදේශයේ පදිංචි අවුරුදු 3ක් වයසැති කුඩා දැරියකට කොවිඩ් වැළඳී ඇති බව හෙළිවී තිබෙනවා.

මෙසේ මියගිය වික්නේෂ්වරන් චාරුක්ෂා නමැති ගැහැනු දරුවාගේ මරණය සම්බන්ධයෙන් පැවැති මරණ පරීක්ෂණය බළන්ගොඩ මූලික රෝහලේදී පැවති අතර එහිදී සාක්ෂි දුන් මෙම දරුවාගේ පියා වූ පෙරුමාල් වානිස්සි නමැති අය මෙසේ සඳහන් කළා.

“සිද්ධිය වූ දින දරුවා මිදුලේ සෙල්ලම් කරමින් සිටියා. හිටි හැටියේම දරුවා ඇද වැටුණා. දරුවා ළඟට ගොස් ඔසවාගෙන කතා කළත් කතා කළේ නැහැ. බෙල්ල පැත්තකට හැරී තිබුණා. කටින් සෙම ටිකක් ආවා. මම හිතුවා ළමයාට පිට් එක හැදිලා කියලා. ළඟම තිබෙන මාරතැන්න රෝහලට රැගෙන ගියා. එහිදී දරුවා මිය ගොස් ඇතැයි වෛද්‍යවරුන් පැවැසුවා.”

මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය බළන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය එච්.කේ.ආර්. සංජීව මහතා විසින් සිදුකර ඇති අතර මෙය කොවිඩ් රෝගය වැලඳීමෙන් සිදු වූ මරණයක් බවට තහවුරු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔන්ලයින් හයර් ආවා කියලා වීල් රියදුරාට ගහලා?
01:05
Video thumbnail
උඹේ සල්ලි ඕනේ නෑ මට, මම සල්ලිකාරයෙක් - මහ පාරේ ඇවිළුණු වලිය
03:21
Video thumbnail
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කළින් අවසන් වෙනවා
00:53
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04