රට පුරා ලොක් ඩවුන් රැල්ලක් ගැන අනතුරු ඇඟවීමක්

රට ලොක්ඩවුන් කරපු විදිහ වසංගත විද්‍යාවට පටහැනිලු රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරිනීති කාලසීමාවෙන් නිසි ප්‍රතිඵල ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ කොවිඩ් වසංගතය මර්දනය කිරීම සදහා රට අගුළු දැමුව ද ජනතාව තම තමන්ගේ එදිනෙදා රාජකාරි කටයුතු වල නිරත වන බවයි.

එමගින් රට තුළ ලොක්ඩවුන් රැල්ලක් ද ඇති විය හැකි බව ඔහු පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රවී කුමුදේශ් මහතා, අපි මේ ලොක්ඩවුන් එක නම් කරන්නේ සප්‍රයිස් ලොක්ඩවුන් එකක් හැටියට.

මේ සප්‍රයිස් ලොක්ඩවුන් ලබාදීමේ ක්‍රමයම වසංගත විද්‍යාවට විරුද්ධයි.

තරු තෝරන තරගයක් විදිහට කුතුහලය උපරිම මට්ටමට ගෙන එකපාරටම කියනවා ඔන්න දැන් ලොක්ඩවුන් කියලා.

එතකොට මහජනතාව මොකද කරන්නේ මේ ලොක්ඩවුන් කාලයේ ජීවිකාව රැකගන්න හිස්ලූ ලූ අත දුවනවා.

මේකේ ප්‍රතිඵලයක් විදිහට රෝගය පාලනය කරනවාට වඩා ලොක්ඩවුන් රැල්ලක් වගේ එකක් ඇති වෙන්න පුළුවන්.

මේ අතර රටේ ඇති වී තිබෙන කොරෝනා අවදානම නිවැරදිව තේරුම් ගෙන කටයුතු නොකළ හොත් නැවත නැවතත් රට වසා දැමීමට සිදු වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එවිට රටේ ආර්ථිකය මීටත් වඩා අසීරු තැනකට යන තත්ත්වයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවද ඔවුන් කියා සිටියි.

සංගමයේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ පැතිරෙන වෛරස ප්‍රභේද ය ඉතා වේගයෙන් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුටම ආසාදනය දීමේ හැකියාවක් සහිත බවයි.

ඒ සමගම මරණ අනුපාතය ද ඉහළ යාමක් දැක ගැනීමට හැකි බව ද පැවසූ ඔහු අනාගතයේ දී මීටත් වඩා දරුණු වෛරස් ප්‍රභේද ඇතිවිය හැකි බවටත් අනතුරු ඇගවීය.

වසංගතය පාලනයේ ප්‍රධාන වගකීම වසංගත රෝග විද්‍යා ඒකකයට පැවරෙන බව ද පැවසූ ඔහු ඒ සදහා එම ඒකකයේ කමිටු හයක් පත්කර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ගේ අධීක්ෂණය යටතට පත් කරන්නැයි ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද කීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔන්ලයින් හයර් ආවා කියලා වීල් රියදුරාට ගහලා?
01:05
Video thumbnail
උඹේ සල්ලි ඕනේ නෑ මට, මම සල්ලිකාරයෙක් - මහ පාරේ ඇවිළුණු වලිය
03:21
Video thumbnail
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කළින් අවසන් වෙනවා
00:53
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04