ජනපතිට රතු එළියක් ලක්ෂ 10ක් පාරට බහින්න යයි

අද වන විට රට තුළ ඇති වී තිබෙන වාතාවරනය මත ජනතාව ලක්ෂ දහයක් පමණ එකවර පාරට බැසීමට ඉඩක් ඇතැයි නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

එසේ දස ලක්ෂයක් දෙනා පාරට බැස්සහොත් නීතිරීති හෝ පරමාධිපත්‍යය ජනතාවට අදාළ නොවුණු ඇති බවද උන්වහන්සේ පැවසූහ.

වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට දැවැන්ත මෙහෙයුමක් ‘රට රකින ජන හඬ’ සංවිධානය විසින් සිදුකළ බවද පැවසූ වහන්සේ ඒ බව ජනාධිපතිවරයා දන්නවා දැයි තමන් නොදන්නා බවත් පැවසීය.

බීරි අලින්ට වීණා වයන්නා වැනි තත්ත්වයක් මේ වන විට උද්ගතව ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.

ජනාධිපතිවරයා නොමඟ යවමින් සිටින්නේ ඔහු වටා සිටින කේවට්ටයින් පිරිසක් බවත් ජනතාව බියට පත් කරන්නේ කේවට්ට උපදේහකයන් හා ඇමතිවරුන් බවත් උන්වහන්සේ තව දුරටත් පැවසූහ.

උන් වහන්සේ මේ බව කියා සිටියේ ‘රට රකින ජන හඬ’ සංවිධානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ අතර රට වසා දැමීමක් නොකරන බවට කැබිනට් මණ්ඩලයේ දී ඒකමතිකව එකග වීමෙන් පසුව රට වසා දමන්නැයි ලිපි යවන ඇතැම් ඇමතිවරුන් සිදු කරන්නේ ඉතා පහත් ක්‍රියාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා එම පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

පසුගිය සඳුදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ1රණය කළ බවත් ඊට එකඟ වූ සමහර ඇමතිවරුන් එළියට ගොස් රට වසා දමන්නැයි ජනපතිට ලියුමක් යවා ඇති බවත් ඔහු පැවසීය.

එය ඉතාම පහත් ආකාරයේ ක්‍රියාවක් බවත් කී මහ ලේකම්වරයා කැබිනට් මණ්ඩලයේ කතා කිරීමට කොන්ද පණ නැතිව එලියට ගොස් ලියුම් යවා ජනාධිපතිට යන්නට කලින් මාධ්‍යයට නිකුත් කර ඇතැයිද කියා සිටියේය.

මෙය ඉතා බැරෑරුම් තත්ත්වයකක් බවත් රට වසා දැමීමට වීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ඉතාම කණගාටු වන බවද ඔහු එහිදී තව දුරටත් පැවසීය.

  1. මේ හැම ප්‍රශ්නයක්ම බලපාන්නේ පොඩි මිනිස්සුට සාමාන්‍ය ජනතාව තමයි මේ රට ඇදගෙන යන්නේ.එත් සාමාන්‍ය මිනිස්සුට කිසිම දෙකින් සහනයක් නෑ අපිත් දුන්නේ ගෝටාභයට එත් කියපු විදිහට වැඩ නෑ.මේ corona ප්‍රශ්නත් සාමාන්‍ය ජනතාව තමයි.

  2. අපේ හාමුදුරුවන්ටත් NGO කාක්කන්ගෙන් කීයක කුට්ටියක් ලැබුනද දන්නෙ නෑනේ….හාමුදුරුකෙනෙක් මේ වෙලාවෙ කරන්න ඕන ජනතාව කුපිත කරන ප්‍රකාශ නිකුත් කරන එකද..නැත්නම් කුපිතවී සිටියත් ඔවුන්ව සාමකාමී කිරීම නේද…රට අගාධයට ඇද දැමීඉමයි ඔවුන්ගෙ රාජකාරිය…ආපු දවසෙ ඉදන් මේ වගේ වසංගත එක්ක රට මේ තරමින් ගෙනියන එකට ජනාධිපතිතුමාට පිංදෙන්න ඕනේ…නිශ්පාදනයක්…අපනයන…සංචාරක වගේ ප්‍රධාන ආදායම් මාර්ග ඇහිරිලා තියෙන වෙලාවක රජයේ සේවකයන්ගෙ පඩි ගෙවමින් විදේශ ණය වාරික ගෙවමින් රටේ වසංගතය අවසන් කරන්න කරන මෙහෙයට ණය ගැතියි…අපේ හාමුදුරුවොත් අපිට පව් පුරෝනවා ….

  3. ගණයට කෝටි පහේ කුට්ටිය ලැබිලා වගේ මේ තමයි NGO සද්දේ මේ වෙලාවේ මෙහෙම පර වැඩක් කලොත් ජනතාව එකතු වී මුන්ට ගල් ගහලා මරන්න ඕන



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21