කොරෝනාවෙන් මිදීමට නම් ඔබත් මේ දේ කරන්න – සෞඛ්‍ය අංශ හෙලි කල අනාවරණය

කොරෝනා රෝගයෙන් ආරක්ෂා විමට නම් ගන්නා ඖෂධවලට අමතරව දෛනිකව පෝෂදායි ආහාර වේලක් ලබා ගැනිම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධන කියා සිටියේ වෛසරය ආසාදිත වු පුද්ගලයන් ද සමබර ආහාර වේලක් ලබා ගැනිම අනිවාර්ය බවයි.

මේ අතර, කොවිඩ් ආසාදිතව නිවෙස්වල සිටින පිරිස් සඳහා ආයුර්වේද ඖෂධ ලබාදීම දිස්ත්‍රික්ක කිහිපයකදීම ෙ (23) ආරම්භ වුණා.

මේ අතර, විශේෂ ප්‍රතිකාර ඒකකවල ප්‍රතිකාර ලබන අසාද්‍ය තත්ත්වයේ කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍යවන ඔක්සිජන් උණුසුම් කර ලබාදෙන උපකරණයක් ගුවන් හමුදාව විසින් නිපදවා ඇති අතර එය නාගොඩ රෝහල වෙත භාර දුන්නා.

එසේම,ගර්භණී කාලය සති 26 ඉක්මවූ මව්වරුන්ට කොවිඩ් ආසාදනය වුවහොත් අනිවාර්යෙන්ම රෝහල් ගත විය යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් කොළඹ (23) පැවැති මාධ්‍ය හමුවක දී පැහැදිලි කළා.

මේ අතර, තවත් කොරෝනා ආසාදිතයන් 2,222 ක් සුවය ලබා රෝහල් වලින් (23) පිටව ගියා.

ඒ අනුව, සුවය ලැබූ මුලු ආසාදිතයන් සංඛ්‍යාව තුන්ලක්ෂ 44,381 ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

අද පස්වරුවේ තවත් කොරෝනා ආසාදිතයින් 3223 දෙනෙකු වාර්තා වූ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් ශාඛාවද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබූ අතර එහිදි ඔවුන් චෝදනා කළේ කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය නිර්වින්ද ඖෂධවල හිඟයක් පවතින බවයි.

කොරෝනා දත්ත වාර්තා කිරිමේදි ඇති වු ගැටළුකාරී තත්ත්වයන් මීට පසු ඇති නොවන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව කියා සිටියේ.

මේ අතර කොළඹ ජාතික රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා පමණක් ප්‍රතිකාර කරනු ලබන වාට්ටු සංඛ්‍යාව 18 දක්වා ඉහළ ගොස් ඇති බවයි එහි ජාතික පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා සඳහන් කළේ.

එසේම, කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කිරීමට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමි වී තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24
Video thumbnail
තිලීපන් සැමරුම නොදැක්කා වගේ හිටිය ජනපති පා ගමනට බාධා කරනවා - ජනපතිට පුළුවන්නේ සමාව දෙන්න
06:38
Video thumbnail
සජිත්, නිලධාරින්ගෙන් ප්‍රශ්න කරයි..පිළිතුරේ පරස්පරයක් තියෙනවා - ඇයි වසර දෙකක ප්‍රමාදයක් ?
19:12
Video thumbnail
එකම රාත්‍රිය තුළ පූජා ස්ථාන දෙකකට හොරු පැනලා සුද්දයක් දීලා - නිල සුනඛයින් දමා පරීක්ෂා කරන අයුරු
01:42