“කිරි වීදුරට නිදි පෙති දෙකක් දැම්මා..නින්ද ගියාට පස්සේ බෙල්ල මිරිකලා මරලා දැම්මා….”

කොරෝනා ආසාදිතව ගිය මිය ගිය බවට ඇඟවීමේ අරමුණන් නිදි පෙති දී සැමියාගේ ගෙල සිර කර මරා දැමූ බවට සැකපිට තරුණ එක් දරු මවක සහ ඇගේ අනියම් සැමියා බවට සැක කරන තිස් හැවිරිදි තරුණයකු මෙම 30 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනීතා රෝෂනී පෙරේරා නියෝග කර තිබෙනවා.

මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ, රත්නපුර දොඩම්පේ, මණ්ඩදෙණිය, කිරිවැල්තලාවේ වැන්දබෝනාගේ අයේෂා නදීශානි (29) එක් දරු මව සහ ඉංගිරිය පෝරුවදණ්ඩ, බොරලුගොඩ හෙලස්සගේ දක්ෂිත කල්දේරා (30) යන දෙදෙනායි. ඝාතනයට ලක්ව තිබුණේ, රත්නපුර දොඩම්පේ, මණ්ඩදෙණිය, කිරිවැල්තාලාවේ පාතගම අඟුරුකාරගෙ ඉන්දික සමන් කුමාර (32) යන අයයි.

ඔහු සැකකාරියගේ විවාහක සැමියායි . සැකකාරිය ඉංගිරියේ ඇඟලුම් කම්හලක සේවිකාවකි. මියගිය තැනැත්තා සමග විවාහ වී අවුරුදු අටක පුතෙක් ද සිටී. ඇගේ මහ ගෙදර පිහීටා ඇත්තේ ද මේ නිවෙස අසලමය. පසුගිය 20 වැනිදා ඇය සුපුරුදු ලෙස කෑමත් උයාගෙන බැඳගෙන ඇගලුම් කම්හලේ සේවයට පැමිණ, පෙරවරු 10.00ට පමණ ඇඟලුම් කම්හලේ මානව සම්පත් අංශයෙන් ඇයව සැමියාට කරදරයක් බව දන්වා ආයතනයේ වාහනයකින් නිවෙසට ඇරලවා තිබේ.

නිවෙසට ඇය පැමිණෙන විට සැමියා කාමරයක මියගොස් සිටිනවා දැක ඇත. හිටි ගමන් පුද්ගලයන් මියයන්නේ කොවිඩ් ආසාදනය වීමෙන් නිසා බැවින් රැස්ව සිටි වැඩි දෙනකු සිතා සිටියේ ද ඔහු කොරෝනා නිසා මියගොස් ඇති බවයි. කිසිවකුත් ළංවී නැත්තේ ද ඒ නිසාය. රත්නපුර පොලිසියට දන්වා තිබුණේ කොරෝනාවලින් සැමියා මියගොස් ඇති බවයි.

සිරුර පී.සී.ආර්. පරික්‍ෂණ සඳහා රත්නපුර මහ රෝහල වෙත යැවිණි. එහිදී කළ පී.සී.ආර්. පරීක්‍ෂණයකින් තහවුරු වුණේ කොවිඩ් ආසාදිත නැති බවයි. ඒ අනුව රත්නපුර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සමන් පාලිත සිද්ධිය වූ ස්ථානයට ගොස් පරික්ෂණ පැවැත්වීය. රත්නපුර වැඩ බලන මහේස්ත්‍රාත් කිත්සිරි අරඹේවත්ත මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් මහේස්ත්‍රාත් පරික්ෂණය ද පැවැත්වීය.

පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වා මරණයට හේතුව වාර්තා කරන ලෙස රත්නපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කෙරුණි. අධිකරණ වෛද්‍ය නිලධාරි මුදිත කුඩාගම මහතා පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වීමට පෙර සිරුර පරික්ෂා කිරීමේදී මෘත ශරීරයේ ගෙල ප්‍රදේශයේ නියපොතු සලකුණු ඇති බව නිරීක්‍ෂණය වී තිබේ.

මරණයට හේතුව ගෙල සිර කර හුස්ම හිරවීම බව වෛද්‍ය නිගමනය විය. ඒ අනුව, රත්නපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරික්‍ෂක එල්.ඩී. ජයතිලක මහතා ඇතුළු නිලධාරින් පිරිසක් මියගිය තැනැත්තාගේ බිරිය අත්අඩංගුවට ගනු ලැබුවාය. ඇගෙන් ප්‍රශ්න කිරිමේ දී තොරතුරු රැසක් අනාවරණය වී තිබුණි. මියගිය තැනැත්තාත් සැකකාරියත් අතර වසර එක හමාරක පමණ සිට අඩදබර තිබූ බව ද අනාවරණය වූ බව පොලිසිය පැවැසුවේය.

පුරුෂයාගේ ලිංගික හිංසන සිදුවීම අඬදබරවලට හේතුව බව කියැවිණි. එහෙත් සැකකාරිය ඇය වැඩ කරන ඇඟලුම් කම්හලේම තිස් හැවිරිදි වැඩ පරික්ෂක තරුණයකු සමග මිත්‍ර සබඳකමක් පවත්වා තිබෙන බවට ද තොරතුරු පොලිස් පරික්‍ෂණවලදී හෙළි වී ඇත. ඔහුගේ මව්පියන් ද ඒ සම්බන්ධතාව දැන සිටි බව ද අනාවරණය වී තිබුණි.

ගමේ සමහරු ද ඒ බව දැන සිටි බව පසුව හෙළි විය. සැකකාරිය විවාහක එක් දරු මවක බව දැනගෙන වැඩ පරික්‍ෂකවරයාගේ මව්පියන් මෙම සම්බන්ධයට විරුද්ධ වුවත් දෙදෙනා අතර සම්බන්ධය හොර රහසේ පවත්වාගෙන ගොස් ඇති බව ද විමර්ශනවලදී හෙළි කරගැනීමට පොලිසියට හැකි විය. පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී වැඩ ඇරි නිවෙසට පැමිණි පසු මියගිය තැනැත්තාට සැකකාරිය කිරි වීදුරුවක් ද සාදා දී ඇත්තේ ඊට නිදි පෙති දෙකක් මිශ්‍ර කිරීමෙන් අනතුරුවය. කිරි වීදුරුව පානය කළ මියගිය තැනැත්තා තද නින්දට වැටී තිබේ.

ඒ අතර ඇඟලුම් කම්හලේ වැඩ පරික්‍ෂක තරුණයාට සැකකාරිය දුරකතන ඇමතුමක් දී ඔහු ගෙන්වාගෙන තිබේ. ඉංගිරිය පෝරුවදණ්ඩේ සිට යතුරුපැදියෙන් ඔහු පැමිණ තිබේ. මරණකරු තද නින්දේ පසුවෙද්දී හුස්ම ගැනීමට නොහැකි වන සේ තද කරගෙන සිටි බවටත්, ඊට සහාය දෙමින් මියගිය අයගේ දෑත් නිවෙසට පැමිණි තරුණයා විසින් අල්ලා සිටි බවටත් තොරතුරු හෙළි කරගැනීමට පොලිසියට හැකි වූ බව පොලිසිය සඳහන් කළේය.

මියගිය තැනැත්තාට දෙන්නට නිදි පෙති මිලදීගෙන සැකකාරියට දී ඇත්තේ ඇගේ ඉල්ලීම පරිදි බව අනාවරණය වීමෙන් පසු ඇයගේ හිතවත් වැඩ පරික්ෂකවරයා ද පොලිස් අත්අඩංගුවට ගැනුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
00:00
Video thumbnail
නලින්දට අනගාතයේ දී අනිවාර්යෙන් දඬුවම් දෙනවා
01:24
Video thumbnail
තව ටිකක් කල් යනකොට දෙයියන්ගෙම පිහිටයි - දොලවත්ත ආණ්ඩුවේ වැරදි කියලා හොඳටම අමතයි
03:34
Video thumbnail
රටම කතාකරපු පුංචි දියණියගේ තවත් වීඩියෝවක් එළියට
00:46
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල බලන්න නිවසට ආ පුලතිසි රාජා - කොහොමද මෛත්‍රිපාලට තියෙන ආදරය
01:40
Video thumbnail
ඇමතිතුමෝ තොට ලැජ්ජාවක් නැද්ද.. ලැජ්ජයි.. ලැජ්ජයි.. ලැජ්ජයි
03:02
Video thumbnail
ජනපති එක්ක මට ඩීල් නෑ - මරික්කාර්ට කේන්ති යයි
17:45
Video thumbnail
සුගීෂ්වර වෙනුවෙන් ආ දයාසිරි කිව්ව දේ - කිසි වෙලාවක පඩි දෙකක් ගත්තේ නෑ
02:31
Video thumbnail
සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ් - ජයවේවා කියලා ඇවිත් අතත් වනාගෙන ගිය හැටි
02:18
Video thumbnail
වසන්ත සමරසිංහ ඇමතිකමින් වහාම ඉවත් කරන්න ? - මේ ඩෝබිලව ත#ලන්න ඕනි කබර බාහුවෙන්
18:15