Empty Ad
AFC Banner
Empty Ad

මෛත්‍රීගේ නිල නිවස සම්බන්ධයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපල සිරිසේන මහතාගේ නිල නිවස සම්බන්ධව සිදුකර ඇති චෝදනාව සම්පූර්ණ අසත්‍යයක් බව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලිපියක් නිකුත් කරමින් සඳහන් කරයි.

6වන විධායක ජනාධිපති කාර්යාලය ලෙස සඳහන් ලිපි ශීර්ෂයක් යටතේ එම නිවේදනය නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ,

2021.08.22 දින අන්තර්ජාලය ඔස්සේ අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් ප්‍රකාශ කරමින් සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශ්‍රාම යාමට මත්තෙන් කොළඹ නගර මධ්‍යයේ තිබෙන සුවිශාල මන්දිර දෙකක් එකට එකතු කොට තමන්ට ලියා ගත් බවත්, එය නැවත භාරදෙනවාද යන ලෙස ප්‍රශ්න කරන ලදී.

මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයක් වන අතර එම ප්‍රකාශය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමි. 1986 අංක 4 දරන ජනාධිපති හිමිකම් පනත යටතේ සහ අංක 503/2005 (FR) දරන ශ්‍රේෂ්ඨාධිකරණයේ අයදුම්පත ප්‍රකාරව විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට ජීවත්ව සිටින තාක්කල් ජීවත්වීමට නිල නිවසක් රජයෙන් පිරිනමන අතර එය මුළුමනින්ම රජය සතු දේපලකි.

මින් පෙර සිටි සියලුම විශ්‍රාමික ජනාධිපතිවරුන් හටද රජයේ නිල නිවාස පිරිනමා තිබේ. එම සියලු නිවාස රජය සතු දේපළකි. මෙය දේශපාලනය පිළිබඳව හෝ පරිපාලනය පිළිබඳව යම් හෝ සුළු දැනුමක් තිබෙන අයකු ඉතා සරලව දන්නා කරුණකි.

හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ස්ථාපිත කරන ලද තොරතුරු දැනගැනීම පනත යටතේ ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් හෝ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිල නිවාසවල අයිතිය පිළිබඳව කරුණු දැන ගැනීමට හැකි වනු ඇත.

1976 නොබැඳි සමුළුවට ඉදිකරන ලද “සමිට් ෆ්ලැටි” දෙකක් එක්කර ඇත්තේ ඩී.බී. විජේතුංග හිටපු ජනාධිපතිතුමාගේ කාලයේදීය. මෙම නිල නිවස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ලබාගත්තේ කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍යවරයෙකු ලෙස භාවිතා කර නැවත රජයට භාරදුන් පසුවය. 

එසේ තිබියදී මෙවැනි ප්‍රකාශයක් කිරීම පිළිබඳව අප මවිතයට පත්වන අතර ඉදිරියේදී මෙම ප්‍රකාශය නිවැරදි කරනු ඇතැයි විශ්වාස කරමි.

21 6121c
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03

?