මෛත්‍රීගේ නිල නිවස සම්බන්ධයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපල සිරිසේන මහතාගේ නිල නිවස සම්බන්ධව සිදුකර ඇති චෝදනාව සම්පූර්ණ අසත්‍යයක් බව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලිපියක් නිකුත් කරමින් සඳහන් කරයි.

6වන විධායක ජනාධිපති කාර්යාලය ලෙස සඳහන් ලිපි ශීර්ෂයක් යටතේ එම නිවේදනය නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ,

2021.08.22 දින අන්තර්ජාලය ඔස්සේ අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් ප්‍රකාශ කරමින් සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශ්‍රාම යාමට මත්තෙන් කොළඹ නගර මධ්‍යයේ තිබෙන සුවිශාල මන්දිර දෙකක් එකට එකතු කොට තමන්ට ලියා ගත් බවත්, එය නැවත භාරදෙනවාද යන ලෙස ප්‍රශ්න කරන ලදී.

මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයක් වන අතර එම ප්‍රකාශය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමි. 1986 අංක 4 දරන ජනාධිපති හිමිකම් පනත යටතේ සහ අංක 503/2005 (FR) දරන ශ්‍රේෂ්ඨාධිකරණයේ අයදුම්පත ප්‍රකාරව විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට ජීවත්ව සිටින තාක්කල් ජීවත්වීමට නිල නිවසක් රජයෙන් පිරිනමන අතර එය මුළුමනින්ම රජය සතු දේපලකි.

මින් පෙර සිටි සියලුම විශ්‍රාමික ජනාධිපතිවරුන් හටද රජයේ නිල නිවාස පිරිනමා තිබේ. එම සියලු නිවාස රජය සතු දේපළකි. මෙය දේශපාලනය පිළිබඳව හෝ පරිපාලනය පිළිබඳව යම් හෝ සුළු දැනුමක් තිබෙන අයකු ඉතා සරලව දන්නා කරුණකි.

හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ස්ථාපිත කරන ලද තොරතුරු දැනගැනීම පනත යටතේ ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් හෝ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිල නිවාසවල අයිතිය පිළිබඳව කරුණු දැන ගැනීමට හැකි වනු ඇත.

1976 නොබැඳි සමුළුවට ඉදිකරන ලද “සමිට් ෆ්ලැටි” දෙකක් එක්කර ඇත්තේ ඩී.බී. විජේතුංග හිටපු ජනාධිපතිතුමාගේ කාලයේදීය. මෙම නිල නිවස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ලබාගත්තේ කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍යවරයෙකු ලෙස භාවිතා කර නැවත රජයට භාරදුන් පසුවය. 

එසේ තිබියදී මෙවැනි ප්‍රකාශයක් කිරීම පිළිබඳව අප මවිතයට පත්වන අතර ඉදිරියේදී මෙම ප්‍රකාශය නිවැරදි කරනු ඇතැයි විශ්වාස කරමි.

21 6121c
  1. තමන්ගේ තනතුරේ වගකීම බරපතල ලෙස පැහැර හැර, පාස්කු ප්‍රහාරය වෙන්නට ඉඩදී, හරි නම් හිරේ ඉන්න ඕන පුද්ගලයාට රටේ ජනතාවගේ බදු මුදලින් මෙහෙම නිවාස දීම ගැන, මගේ බලවත් විරෝධය!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔන්ලයින් හයර් ආවා කියලා වීල් රියදුරාට ගහලා?
01:05
Video thumbnail
උඹේ සල්ලි ඕනේ නෑ මට, මම සල්ලිකාරයෙක් - මහ පාරේ ඇවිළුණු වලිය
03:21
Video thumbnail
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කළින් අවසන් වෙනවා
00:53
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04