‘රට ලොක්ඩවුන් කළේ ‘කළුවා මාරපන ගියා’ වගේ’

රට ලොක්ඩවුන් කිරීම ‘කළුවා මාරපන ගියා’ වැනි කිසිදු සැලසුම් සහගත ක්‍රියාවලියකට අනුව සිදුකර නැතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර ‘මව්බිම’ට පැවසීය. 

වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ, ලොක්ඩවුන් කාලසීමාව තුළ ක්‍රියාත්මක විය යුතු නිර්දේශ කිහිපයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති නමුත් ඒවා කිසිවක් නිසිපරිදි ක්‍රියාත්මක නොවන බවය. 

ඒ අනුව වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම, සෑම ආසාදිත පුද්ගලයෙකු ම සොයා ගැනීමට පරීක්ෂණ සිදුකිරීම, ඔවුන් වෙන් කිරීමට හා එම පුද්ගලයාගේ සියලු ආශ්‍රිතයන් සෙවීම, සෞඛ්‍ය ආයතන වැනි ස්ථානවල හදිසි අවශ්‍යතා මතුවීමේ අවදානම අවම කිරීම, වැඩබිම්, පාසල් සහ වෙනත් ස්ථානවල රෝගය වැළැක්වීමේ උපක්‍රම තර කර තිබීම, ජනතාව උපරිමයෙන් දැනුවත් කිරීම, බාහිරින් රට තුළට ආසාදිතයන් පැමිණීමේ අවදානම පාලනය කිරීම යන කාරණා සම්පූර්ණ නොකළහොත් අපට ලොක්ඩවුන් එක සාර්ථක කරගත නොහැකි බව ද ඒ මහතා කීය.

එම නිසා මෙම ලොක්ඩවුන් කිරීම සැලසුම් සහගත හා විද්‍යාත්මක ක්‍රමවේදයක් හරහා නොකර ඇති බව පෙනී යන්නේ යැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15