AFC Banner
Empty Ad
Empty Ad

රජයේ වාහන 5500කට සිදුවන්න යන දේ

මධ්‍යම රජය, රාජ්‍ය ව්‍යාපාර, පළාත් සභා හා පළාත් පාලන ආයතන සතුව ඇති වාහන අසූදෙදහස් එකසිය අනූහතරක් (82,194) අතුරින් වාහන පන්දහස් පන්සිය තිස්තුනක් (5533) ධාවනයට නුසුදුසු තත්ත්වයේ පවතින බව ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය කළ සොයා බැලීමකදී අනාවරණය වී තිබේ.

මෝටර් වාහන, ​ගොඩනැගිලි, ඉදිකිරීම්, ඉඩම්, යන්ත්‍රෝපකරණ, ලී බඩු හා කාර්යාල උපකරණ පිළිබඳව මෙලෙස සොයා බලා තිබේ. රජයට අයත් වාහන අසූදෙදහස් එකසිය අනූහතරෙන් (82194)න් ධාවනය කළ හැකි තත්ත්වයේ පවතින වාහන සංඛ්‍යාව හැත්තෑ හය දහස් හයසිය හැට එකකි. (76661). එම වාහනවලින් තිස්තුන්දහස් නවසිය තිස්එකක් (33931) මධ්‍යම රජය සතුව ඇත. රාජ්‍ය ව්‍යාපාර සතුව වාහන විසිහයදහස් තුන්සිය අනූ පහක් (26395), පළාත් සභා හා පළාත් පාලන ආයතන සතුව වාහන දාසයදහස් තුන්සිය තිස්පහක් (16335)ද ධාවනය කළ හැකිව ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ධාවනය කළ නොහැකි වාහන 5533න් වාහන 2038ක්ම රාජ්‍ය ව්‍යාපාර සතු වෙයි. මධ්‍යම රජයේ ආයතනවල වාහන 1801ක්ද, පළාත් සභා හා පළාත් පාලන ආයතන සතුව වාහන 1694ක්ද තිබේ. ධාවනයට නුසුදුසු සියලු වාහන අලුත්වැඩියා කිරීමට හෝ අපහරණය කිරීමට කටයුතු කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.

උදයජීව ඒකනායක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?