රජයේ වාහන 5500කට සිදුවන්න යන දේ

මධ්‍යම රජය, රාජ්‍ය ව්‍යාපාර, පළාත් සභා හා පළාත් පාලන ආයතන සතුව ඇති වාහන අසූදෙදහස් එකසිය අනූහතරක් (82,194) අතුරින් වාහන පන්දහස් පන්සිය තිස්තුනක් (5533) ධාවනයට නුසුදුසු තත්ත්වයේ පවතින බව ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය කළ සොයා බැලීමකදී අනාවරණය වී තිබේ.

මෝටර් වාහන, ​ගොඩනැගිලි, ඉදිකිරීම්, ඉඩම්, යන්ත්‍රෝපකරණ, ලී බඩු හා කාර්යාල උපකරණ පිළිබඳව මෙලෙස සොයා බලා තිබේ. රජයට අයත් වාහන අසූදෙදහස් එකසිය අනූහතරෙන් (82194)න් ධාවනය කළ හැකි තත්ත්වයේ පවතින වාහන සංඛ්‍යාව හැත්තෑ හය දහස් හයසිය හැට එකකි. (76661). එම වාහනවලින් තිස්තුන්දහස් නවසිය තිස්එකක් (33931) මධ්‍යම රජය සතුව ඇත. රාජ්‍ය ව්‍යාපාර සතුව වාහන විසිහයදහස් තුන්සිය අනූ පහක් (26395), පළාත් සභා හා පළාත් පාලන ආයතන සතුව වාහන දාසයදහස් තුන්සිය තිස්පහක් (16335)ද ධාවනය කළ හැකිව ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ධාවනය කළ නොහැකි වාහන 5533න් වාහන 2038ක්ම රාජ්‍ය ව්‍යාපාර සතු වෙයි. මධ්‍යම රජයේ ආයතනවල වාහන 1801ක්ද, පළාත් සභා හා පළාත් පාලන ආයතන සතුව වාහන 1694ක්ද තිබේ. ධාවනයට නුසුදුසු සියලු වාහන අලුත්වැඩියා කිරීමට හෝ අපහරණය කිරීමට කටයුතු කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.

උදයජීව ඒකනායක



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03