නිරෝධාන ඇඳිරි නීතිය පැනවීමෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින් සඳහා රජය ලබාදෙන රුපියල් 2000 දීමනාව ලබාදීමට නිර්දේශ කරන පුද්ගලයන්ගේ නාමලේඛන මේ වන විටත් සකස් කර ඇතැයි වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.
ජීවනෝපාය අහිමි වූ සියලු ජනතාවට ලබාදෙන මෙම දීමනාව අක්‍රමිකතාවලින් තොරව විධිමත් ක්‍රමවේදයක් යටතේ ලබාදීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී ඇතැයි ද චමල් රාජපක්ෂ මහතා සඳහන් කළා.
එම දීමනාව ලබාදීම සඳහා රට පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියල්ල සූදානම් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා.
ඊට අදාළ නාමලේඛන ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් සකස් කර තිබෙනවා.
මීට අදාළ මුදල් අමාත්‍යාංශය මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කිරීමෙන් පසු කඩිනමින් අදාල පුද්ගලයින්ට ලබාදීමට නියමිත බව ද ඇමතිවරයා සඳහන් කළේ.
ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන්ගේ සහයෝගයෙන් අදාළ පිරිස් වෙත මෙම දීමනාව ලබාදීමට නියමිතයි.