2000 දීමනාවේ නාම ලේඛනය සකස් කර අවසන්! ලැබෙන්නේ මේ අයටයි

නිරෝධාන ඇඳිරි නීතිය පැනවීමෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින් සඳහා රජය ලබාදෙන රුපියල් 2000 දීමනාව ලබාදීමට නිර්දේශ කරන පුද්ගලයන්ගේ නාමලේඛන මේ වන විටත් සකස් කර ඇතැයි වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.

ජීවනෝපාය අහිමි වූ සියලු ජනතාවට ලබාදෙන මෙම දීමනාව අක්‍රමිකතාවලින් තොරව විධිමත් ක්‍රමවේදයක් යටතේ ලබාදීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී ඇතැයි ද චමල් රාජපක්ෂ මහතා සඳහන් කළා.

එම දීමනාව ලබාදීම සඳහා රට පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියල්ල සූදානම් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා.

ඊට අදාළ නාමලේඛන ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් සකස් කර තිබෙනවා.

මීට අදාළ මුදල් අමාත්‍යාංශය මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කිරීමෙන් පසු කඩිනමින් අදාල පුද්ගලයින්ට ලබාදීමට නියමිත බව ද ඇමතිවරයා සඳහන් කළේ.

ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන්ගේ සහයෝගයෙන් අදාළ පිරිස් වෙත මෙම දීමනාව ලබාදීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15