බදියුදීන් මරණ තර්ජන කළ බවට බන්ධනාගාර වෛද්‍යවරයෙකුගෙන් පැමිණිල්ලක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් මරණ තර්ජන කළ බව පවසමින් බන්ධනාගාර වෛද්‍යවරයෙක් බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

පසුව ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා පොලිස්පතිවරයා විසින්  කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමුකර ඇත.

මැගසින් බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකු විසින් ඊයේ (21) එම පැමිණිල්ල කර තිබේ.

එම පැමිණිල්ලේ දැක්වෙන්නේ, වැලිකඩ බන්ධනාගාරයේ බෙහෙත් ශාලාව තුළ පසුගිය 15වනදා අදාළ වෛද්‍යවරයා විසින් රෝගී රැඳවියෙකු පරීක්ෂා කරමින් සිටියදී රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා බලහත්කාරයෙන් එම ස්ථානයට පැමිණ ඇති බවය.

එහිදී මන්ත්‍රීවරයාට පිටතින් සිටින ලෙසත් අවශ්‍ය තොරතුරු ලබාගත් පසුව ඔහුව ඇතුළට කැඳවන බවත් වෛද්‍යවරයා විසින් පවසා ඇති බව වාර්තා වේ.

එහිදී කුපිත වූ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා, බැණවැදී ඇත්තේ, “උඹ මහ ලොකු දොස්තර කෙනෙක් ද, මගේ යාලු දොස්තර කෙනෙක් මේ දැන් කෝල් කරලා මට ගෙන්න ගන්න පුළුවන්,මගේ වැඩ කරගන්න තමුසේ ඕන නැහැ” යනුවෙන් බව අදාළ පැමිණිල්ලේ සඳහන් වෙයි.  

“තමුසේ දන්නැද්ද මම මොකක් කරලා ද ආවේ කියලා. ඒ වගේම තමුසෙව වෙන ලෝකෙකට අරින්නත් පුළුවන්. පැයක් ඇතුළත මාරු කරලා යවන්නත් පුළුවන්. තමුසේ වැඩිය දැඟලුවොත් පාරේ යනකොට තමුසෙයි තමුසෙගෙ කාර් එකයි අළු වෙලා තියෙයි. එතකොට තමුසෙගෙ ගෑණිට මිනිහත් ළමයින්ට තාත්තත් නැති වෙයි. තමුසේ දැනගන්නවා මම රිෂාඩ් බදියුදීන්.” යනුවෙන් මන්ත්‍රීවරයා මරණීය තර්ජන කළ බවද වෛද්‍යවරයාගේ පැමිණිල්ලේ දැක්වේ.

“මට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද තියෙනවා. ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් දෙකම සලකනවා. උඹේ ආයු කාලය කෙටියි.” යනුවෙන් ද මන්ත්‍රීවරයා එහිදී පැවසූ බව වෛද්‍යවරයා පොලීසියට පවසා ඇත.

“දොස්තර.. පරිස්සම් වෙලා හිටපන්. ඉක්මනට මෙතනින් පලයන්. ගිහිල්ලා උඹට හැංගිලා ඉන්න තැනක් හොයා ගනින්.” යනුවෙන් තර්ජනාත්මකව හා අපහාසාත්මක බැණවදිමින් ආවේගශීලීව හැසිරුණු බව වෛද්‍යවරයා විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

අදාළ වෛද්‍යවරයා විසින් මේ සම්බන්ධයෙන් බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍යතුමියට, බන්ධනාගාරයේ ඉහළ නිලධාරියෙකුට වාචිකව සහ ලිඛිතව පැමිණිලි කිරීමෙන් අනතුරුව බොරැල්ල පොලීසිය වෙත පැමිණිලි කර ඇත. 

අනතුරුව බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් පොලිස්පතිවරයාට කරන ලද ලිඛිත පැමිණිල්ලක් අනුව පොලිස්පතිවරයාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඒ අනුව සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරයාව (22) දහවල් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා වැඩිදුරටත් ප්‍රකාශ ලබාගගෙන තිබේ.

මේ අතර කොළඹ අපාරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් අද කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත ගොස් අදාළ සිදුවීම සිදුවූ ස්ථානය පරීක්ෂා කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15