කොවිඩ් සිරුරු ගොඩගැසුණු රෝහලක්

අද (22) උදෑසන 10 වනවිට රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ කොවිඩ් මෘතදේහ රැසක් තැන්පත් කර තිබුණි.

එමෙන්ම එහි තිබූ තවත් මෘතදේහ රැසක් ඔට්ටමාවඩි ප්‍රදේශයේ භූමදාන කිරීම සඳහා රැගෙන යෑමට සූදානම් කෙරුණි.

මේ අතර රට තුළ පවතින වාතාවරණය යටතේ බණ්ඩාරගම අඳුන්වැන්න ආදාහනාගාරය ද කාර්යබහුල වී තිබේ.

නිරන්තරයෙන් දේහ පැමිණීමත් සමග ආදාහනාගාර සේවකයින්ට එල්ලවී ඇත්තේ දැඩි පීඩනයකි.

ආදාහනාගාර සේවකයින් පවසන්නේ,”පසුගිය කාලයේ අවසන් කටයුතු කරන්න ආවේ මරණ එකයි දෙකයි. දැන් දන්නෙවත් නැති පැතිවලින් මරණ රැසක් එනවා.” යනුවෙනි.

මේ අතර බේරුවල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදුකිරීමට අවශ්‍ය මිනීපෙට්ටි නොමිලේ සපයාදීමට බේරුවල ප්‍රාදේශීය සභාව තීරණය කර ඇත.

මේ අතර නිරෝධායන ඇඳිරිනීතිය කඩ කරමින් වව්නියාව නගරයට පිවිසෙන ජනතාව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන්ට ලක්කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, පොලීසිය හා රතු කුරුස සංවිධානය කටයුතු කර තිබුණි.

කොවිඩ් ආසාදිත බවට එහිදී තහවුරු වන පුද්ගලයින් නිරෝධායනය හා ප්‍රතිකාර සඳහා යොමු කිරීමද සිදුවිය.

මේ අතර දිගින් දිගටම බදුල්ල දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් වාර්තාවීමත් සමග එම දිස්ත්‍රික්කයේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ධාරිතාව ඉක්මවා ගොස් තිබේ.

නමුත් රුපියල් මිලියන 15ක වියදමක් දරා ප්‍රතිසංස්කරණය කර පසුගියදා ඌව ආණ්ඩුකාරවරයා විසින් විවෘත කළ දියතලාව ආයුර්වේද මධ්‍යස්ථානයේ ආසාදිතයින් 110 දෙනෙකුට ප්‍රතිකාර ලබාදිය හැකිය.

කෙසේවෙතත් සියලු පහසුකම් සහිත මෙම මධ්‍යස්ථානයේ මේ වනවිටත් ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 17 දෙනෙකු පමණි.

මේ වනවිට ගර්භණී කාන්තාවන් 50,000 කට පමණ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදී ඇති බවද පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09