මුදල් මාරු කිරීමේ කාඩ්පත් ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත්, එනම් ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් භාවිතය පිළිබඳව කිසිඳු නව සීමාවක් පනවා නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එම කාඩ්පත් හිමියන්ට තම කාඩ්පත් භාවිතා කරමින් පුද්ගලික ස්වභාවයේ ජංගම ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට ගෙවීම් සිදු කිරීමට අවසර ලබා දී ඇති බවයි එම නිවේදනය මගින් මහජනතාවට දැනුම් දෙන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් හිමියන් එම කාඩ්පත් භාවිතා කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට කරන ඇතැම් විදේශ විනිමය ගෙවීම් සීමා කිරීමක්, තහනම් කිරීමක් සිදු කර ඇති බවට පණිවුඩ පැතිරයාම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇති බවයි.

විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත්, එනම් ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් භාවිතය පිළිබඳව කිසිඳු නව සීමාවක් පනවා නොමැති අතර එම කාඩ්පත් හිමියන්ට තම කාඩ්පත් භාවිතා කරමින් පුද්ගලික ස්වභාවයේ ජංගම ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට ගෙවීම් සිදු කිරීමට අවසර ලබා දී ඇති බවත් මහජනතාව වෙත දන්වා සිටි බව මහ බැංකුව ප්‍රකාශ කළා.

කෙසේවෙතත්, ඇතැම් බැංකු විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් භාවිතා කර ගනුදෙනු සිදු කිරීමේදී එම කාඩ්පත් අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සහ එම බැංකුවල පවත්නා විදේශ විනිමය තත්ත්වය අනුව ගනුදෙනුවලට ප්‍රමුඛතාවය ලබාදීම සඳහා යම් යම් සීමාවන් හඳුන්වා දී ඇතැයි අනාවරණ වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව, විද්‍යුත් මුදල් මාරු කාඩ්පත් භාවිතා කරමින් නිත්‍යානුකූලව ගෙවීම් සිදු කිරීමේදී යම් දුෂ්කරතාවයකට මුහුණපෑමට සිදු වේ නම් ඊට අදාළ බැංකුව සම්බන්ධ කර ගන්නා ලෙසත් විදේශ විනිමය සකසුරුවම් ලෙස භාවිතා කරන ලෙසටයි ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51