අද දිනයේත් ආසාදිතයින් ඉහළ අගයක

අද දින පළමු වතාවෙම ආසාදිතයින් 2785 හමුවූ බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරට කොරෝනා අසාදිතව ප්‍රතිකාර ලබන මුළු සංඛ්‍යාව 384,597 ක් වනවා.   

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,580 දෙනෙකු අද (21) දිනයේ පිටවගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලැබූ සමස්ත ගණන 323,390ක් දක්වා ඉහළගොස් ඇති බවය.

මේ අතර, කරාපිටිය රෝහලේ 99 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.

මෙම මාසය තුළ පමණක් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 08 දෙනෙක්, හෙද නිලධාරීන් 40 දෙනෙක් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් 38 දෙනෙක්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසුවේ

අද වන විට කළුබෝවිල මහ රෝහලේ වාට්ටු 7ක කොරෝනා ආසාදිතයන් 300කට අධික පිරිසක් නේවාසිකව සිටින බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරයි.

ඒ සමග රෝහල් ධාරිතාවද ඉක්මවා ගොස් ඇති බව ද ඔහු පැවසීය. දැනටමත් රෝහලේ වෛද්‍යවරුන් හත් දෙනෙකු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ තිස් දෙනෙකු පමණ කොරෝනා ආසාදනය වී ඇතැයි ද හෙතෙම කීය.

ඇතිව තිබෙන තත්ත්වය මත රෝහලේ සෙසු කාර්ය මණ්ඩලයද දැඩි විඩාබර තත්ත්වයට පත්ව ඇතැයි ද ඔහු කියා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44