යුද හමුදාපතිගෙන් ඉල්ලීමක්

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරමින් කොවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග සඳහා සහයෝගය ලබාදෙන ලෙස යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් අදාළ කාලය තුළ අවසර ලබාදී ඇති අතර එය අවභාවිත කිරීමෙන් වැළකී සිටිය යුතු බව යුද හමුදාපතිවරයා පැවසීය.

ඊයේ රාත්‍රී 10 සිට දිවයින පුරා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැණුනි.

මේ අතර වයස අවුරුදු 60 ඉක්මවු මෙතෙක් කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබානොගත් පුද්ගලයින් හඳුනාගනිමින් ඔවුන් එන්නත්කරණයට යොමුකිරීම නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමේ තීරණයට ප්‍රධාන හේතුවක් වු බව යුද හමුදාපතිවරයා පැවසීය.

මේ වනවිට මෙරට වයස අවුරුදු 60 ඉක්මවු පුද්ගලයින් 5,289 දෙනෙකු කොවිඩ්-19 වෛරසයට ගොදුරුව මියගොස් තිබේ.

එය මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් 76%ක ප්‍රතිශතයක් බව වසංගත රෝග විද්‍යා අංශ පෙන්වාදෙයි .

වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයින් 1,621 දෙනෙකු සහ වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් 75 දෙනෙකු කොවිඩ් වෛරසය හේතුවෙන් මේ දක්වා මියගොස් තිබේ.

කොවිඩ් වසංගතය ආරම්භයෙන් අනතුරුව දෛනික වැඩිම මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින මෙම මාසයේ ගතවු දින 19 තුළ පමණක් කොවිඩ් මරණ 2,477ක් සිදුවී ඇති බව වාර්තා වේ.

මේ අතර කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ගතවු දිනය තුළ පුද්ගලයින් 241,593 දෙනෙකු සඳහා එන්නත්කරණය සිදුකර තිබේ.

ඒ අනුව මේ වන විට මෙරට පුද්ගලයින් 5,514,315 දෙනෙකු කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පුර්ණ කර තිබේ.

එය මෙරට සමස්ත ජනගහණයෙන් සියයට 26ක ප්‍රතිශතයකි.

එක් මාත්‍රාවක් හෝ ලබාගත් සංඛ්‍යාව 12,073,373 දෙනෙකු වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඊයේ රාත්‍රී 10 සිට දිවයින පුරා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදා ඇති බවද යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

මේ අතර නිරෝධායන ඇඳිරිනීති කාලසීමාවේ ජනතාව වගකීමෙන් යුතුව හැසිරෙන්නේ නම් ඉදිරියේ දී යහපත් ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ද පවසයි.

විශේෂයෙන් සේවා පවත්වාගෙන යෑමට අවසර ලබාදී ඇති ආයතනවල ප්‍රධානීන් ද අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් සේවකයින් කැඳවීම සිදුකළ යුතු බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

“සංචරණ සීම දැඩි ලෙස පැනවීම මේ රෝගීන් සංඛ්‍යාව අඩුකරගැනීම සඳහා හේතු වෙනවා. ඒ නිසා දැනට ආරම්භයක් විදිහට දින 10ක දැඩි සංචරණ සීමා රට තුළ පනවලා තියෙනවා. මේ සංචරණ සීමා පැනවීම ප්‍රයෝජනය වන්නේ සහ ප්‍රතිඵලදායක වෙන්නේ වගකීමෙන් යුතුව ප්‍රජාව හැසිරුනොත් විතරයි. විශේෂයෙන්ම අපි සියලුම මහජනතාවගෙන් ඉල්ලනවා, ඔබගේ මරණ සහ ජීවිත හානි අවම කරගැනීම සඳහා වගකීමෙන් කටයුතු කරන්න. කිසිසේත් මේ සංචරණ සීමා පනවලා තියෙන කාලසීමාව තුළ.. ඒ වාගේම ඇඳිරිනීතිය පනවලා තියෙන කාලසීමාව තුළ කිසිදු හේතුවකටවත් නිවසින් පිටට යන්න එපා. ඔබ වගකීමෙන් කටයුතු කළේ නැත්නම් රට මේ විදිහට අගුළු දමාගෙන සිටීමේ ප්‍රයෝජනය අපිට ලබාගන්නට බැරි වෙනවා. රාජ්‍ය සහ පෞද්ගලික සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ ආයතන පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය කාර්යමණ්ඩල පමණක් කැඳවා ගන්න.”

නිරෝධායන ඇඳිරිනීති කාලසීමාවේ ප්‍රතිඵල ඉදිරි සති දෙකෙන් පසු අපේක්ෂා කළ හැකි බවද  උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර කොවිඩ් ආසාදිතව වතුපිටිවල රෝහලේ දී මියයන පුද්ගලයින්ගේ දේහ ආදාහනය කිරීම සඳහා නොමිලේ පහසුකම් සැලසීමට අත්තනගල්ල ප්‍රදේශීය සභාව පියවර ගෙන තිබේ.

ඒ අනුව මියයන පුද්ගලයින්ගේ දේහ බහාලීමට අවශ්‍ය පෙට්ටි ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් ලබාදීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

මියයන පුද්ගලයින්ගේ ඥාතීන් පත්වී ඇති දුෂ්කරතා පිළිබඳ අවධානය යොමුකරමින් මෙම තීරණය ගත් බව අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෂෙඩ් එකේ මල් පැල උස්සලා බයික් එක අස්සේ දාගෙන ගිය හැටි
01:40
Video thumbnail
මිහින්තලා හිමි ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - වාචිකවත්, ලිඛිතවත් බොරු කියනවා
10:12
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36
Video thumbnail
මුදල් වංචා වුණේ නෑ කියනවා නෙවෙයි අපි - යටපත් කරන්නේ නෑ - අපිත් පිරිසිදු වෙන්න ඕනි
05:47
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35