ඔබත් මේ රෝගයෙන් පෙළෙන්නේ නම් මේ ගැන විශේෂයෙන් දැනුවත් වන්න

නිදන්ගත ස්නායු රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයින් කඩිනමින් කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීමට පියවර ගතයුතු බව ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මහතා ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මහතා කියා සිටියේ,

“නිදන්ගත ස්නායු රෝගීවලින් පෙළෙන සමහර අය, උදාහරණයක් ලෙස ආගාතය, පාකින්සන් ඩිසීස්, ඉවෙන්ශියා. මේ කියන රෝගීන් දන්නවා තමන්ගේ රෝගී තත්ත්වය. මෙවන් වූ රෝගී තත්ත්ව තියෙන කෙනෙක් සමහරවිට හිතේ ප්‍රශ්නයක් තිබෙන්න පුළුවන් මේ එන්නත ලබාගැනීම සුදුසුද මේ එනන්තෙන් හානියක් සිදුවෙනවාද කියන එක ගැන. එනන්ත මගින් ස්නායුගත සංකූලතා ඉතාම නොසැලකිය හැකි මට්ටමක පවතින්නේ. ඉතාම කලාතුරකින් තමයි එහෙම තත්ත්වයන් ඇතිවෙලා තියෙන්නනේ. ඒ නිසා නිර්දේශයක් විදිහට ඔබ නිදන්ගත ස්නායු රෝගයකින් පෙළෙනවා නම් ඔබ ළඟම තියෙන තැනට ගිහින් කුමක් හෝ එනන්තක් ලබාගැනීම තමයි දැනට තිබෙන ගැලවුම” යනුවෙනි.

මේ අතර නිරෝධායන ඇඳිරිනීතිය පැනවුවද එන්නත්තකරණ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ දෙවන එන්නත් මාත්‍රාව ලබාගත යුතු පුද්ගලයන්ට නියමිත දිනට එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත යෑමට අවසර හිමි වන බවය.

එමෙන්ම මෙතෙක් එන්නත් ලබානොගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ද එන්නත් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ. ඒ අනුව, ප්‍රාදේශීය ලේකම්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා ග්‍රාමීය කොවිඩ් කමිටු මගින් එම පිරිස් හඳුනාගෙන එන්නත්කරණය සඳහා සෞඛ්‍ය අංශ වෙත ලබන 23 වන සඳුදා දිනට පෙර වාර්තා කළ යුතු වේ.

1906 ක්ෂණික දුරකථන අංකයට හෝ කොවිඩ් මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ඇමතීමෙන් ද ඒ සඳහා ලියාපදිංචිවීමේ පහසුකම ලබාදී ඇති අතර මෙම එන්නත්කරණ වැඩසටහන සෞඛ්‍ය අංශ උපදෙස් අනුව හමුදාපතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට තීරණය වී තිබේ.

එමෙන්ම, මාළිගාවත්ත වකුගඩු රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සදහා සුවිශේෂී වූ හදිසි ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.

දුරකතන අංක 070 5 211 211 අමතා මෙම ඒකකය හා සම්බන්ධ විය හැකියි.

වකුගඩු රෝගියෙකුට රෝහල් ගතවීම සදහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම, ඖෂධ නිවසට ගෙන්වා ගැනීම සහ දුරකතන මාර්ගයෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා මෙම හදිසි ප්‍රතිචාර ඒකකය සූදානම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09