මූණු ආවරණත් එක්ක පොලිසිය කරන්න යන අලුත් වැඩේ

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පලඳින මුහුණු ආවරණ පාවිච්චි කිරීමෙන් අනතුරුව පරිසරයට මුදාහරින පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස පරිසර පොලිසියට උපදෙස් ලබා දී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මෙම මුහුණු ආවරණ නිසි ක්‍රමවේදයෙන් තොරව පරිසරයට මුදා හැරීම නිසා මහත් ව්‍යසනකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බවත් මෙය පාලනය කිරීම සඳහා කිහිප අවස්ථාවකදීම මධ්‍යම පරිසර අධිකාරිය සමග සාකච්ඡා කර ඇති බවත් එහි අවසාන විසඳුම ලෙස එම කාර්ය පාලනය කිරීම පරිසර පොලිසියට ලබා දුන් බව අමාත්‍යවරයා පවසයි.

මෙලෙස නිසි ක්‍රමවේදයකින් තොරව පරිසරයට මුදාහරින මුහුණු ආවරණ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියට බලයක් නොමැති අතර එය පාලනය කිරීම මහජනතාවගේ වගකීමක් හා යුතුකමක් සේ සලකා ක්‍රියා කිරීම ජනතාව සතු බව ඔහු පවසයි.

ඉන්දික ශ්‍රී අරවින්ද

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අනුරගේ බෝට්ටුවේ ලොකු හිලක්..ඔළුව දාලත් වහන්න Try කළා"අර්චුනා ත්‍රීවීල් එකෙන් යන්න යයි
11:14
Video thumbnail
සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දැඩි උණුසුම් තත්ත්වයක්.."මේකා දොස්තර කෙනෙක්ද කොන්දොස්තර කෙනෙක්ද"
11:14
Video thumbnail
එක් වරක් නෙවෙයි දෙවරක් තෙවරක් පැරැද්දුවත් බලය NPP එකට..පළාත් පාලන ආයතනවලට ආණ්ඩුවෙන් සැලසුමක් ?
08:24
Video thumbnail
අර්චුනා අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ
00:46
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48


?