මූණු ආවරණත් එක්ක පොලිසිය කරන්න යන අලුත් වැඩේ

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පලඳින මුහුණු ආවරණ පාවිච්චි කිරීමෙන් අනතුරුව පරිසරයට මුදාහරින පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස පරිසර පොලිසියට උපදෙස් ලබා දී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මෙම මුහුණු ආවරණ නිසි ක්‍රමවේදයෙන් තොරව පරිසරයට මුදා හැරීම නිසා මහත් ව්‍යසනකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බවත් මෙය පාලනය කිරීම සඳහා කිහිප අවස්ථාවකදීම මධ්‍යම පරිසර අධිකාරිය සමග සාකච්ඡා කර ඇති බවත් එහි අවසාන විසඳුම ලෙස එම කාර්ය පාලනය කිරීම පරිසර පොලිසියට ලබා දුන් බව අමාත්‍යවරයා පවසයි.

මෙලෙස නිසි ක්‍රමවේදයකින් තොරව පරිසරයට මුදාහරින මුහුණු ආවරණ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියට බලයක් නොමැති අතර එය පාලනය කිරීම මහජනතාවගේ වගකීමක් හා යුතුකමක් සේ සලකා ක්‍රියා කිරීම ජනතාව සතු බව ඔහු පවසයි.

ඉන්දික ශ්‍රී අරවින්ද



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15
Video thumbnail
වජිරගේ කතාව මැද පිරිසක් බෝඩ් උස්සගෙන වේදිකාවට ආපු පිරිසක් නිසා වෙච්ච දේ..
00:11
Video thumbnail
ලංකාවේ කොහෙන් ඉල්ලුවත් එකෙන්ම දිනනවා කියලා පම්පොරි ගහපු චාමරගේ කතාව..
00:10
Video thumbnail
"නයි, මුගටි ඔක්කොම එකතු කරගෙන මිසක් මේ ආණ්ඩුව එළවන්න බෑ"
00:20
Video thumbnail
මක්කෙලා හු#කෙලා කියලා හැමදාම කෙ#ලා අරිනවා
05:00