AFC Banner
Empty Ad
Empty Ad

අද දිනයේදී වෙළඳසැල් වසා දැමීමට කටයුතු කළ නගර මෙන්න

පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට නගර රැසක් වසා දැමීමට වෙළද සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කර ඇති අතර, අදත් ප්‍රධාන නගර තුනක වෙළදසැල් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මාතර – ඌරුබොක්ක, කිලිනොච්චිය සහ හික්කඩුව යන නගර මෙලෙස වසා දැමෙනු ඇති.

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව සහ මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර යන නගර හෙට (21) සිට වසා දැමීමට වෙළද සංගම් තීරණය කර තිබෙනවා.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ නගරය අනිද්දා සිට වසා තැබෙන බවයි වාර්තා වන්නේ.

මෙලෙස වෙළද සංගම් විසින් නගරවල පිහිටි සිය වෙළදසැල් වසා දැමීමට කටයුතු කළ ද ඖෂධ අලෙවිසැල්, ඉන්ධන පිරවුම් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යන ආයතන  වසා දැමීමක් සිදුවන්නේ නැහැ.

මේ අතර, අද (20) දිනය අවසන්වීමට පෙර විද්‍යාත්මක රට වසා දැමීමක් සිදුනොකරන්නේ නම් එළඹෙන සඳුදා සිට ස්වයං වසා දැමීමකට යොමුවීමට කටයුතු කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ප්‍රකාශ කළා.

පවතින තත්ත්වය හමුවේ කඩිනමින් රට වසා දැමීම කළ යුතු බවයි ඔවුන් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?