අද දිනයේදී වෙළඳසැල් වසා දැමීමට කටයුතු කළ නගර මෙන්න

පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට නගර රැසක් වසා දැමීමට වෙළද සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කර ඇති අතර, අදත් ප්‍රධාන නගර තුනක වෙළදසැල් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මාතර – ඌරුබොක්ක, කිලිනොච්චිය සහ හික්කඩුව යන නගර මෙලෙස වසා දැමෙනු ඇති.

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව සහ මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර යන නගර හෙට (21) සිට වසා දැමීමට වෙළද සංගම් තීරණය කර තිබෙනවා.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ නගරය අනිද්දා සිට වසා තැබෙන බවයි වාර්තා වන්නේ.

මෙලෙස වෙළද සංගම් විසින් නගරවල පිහිටි සිය වෙළදසැල් වසා දැමීමට කටයුතු කළ ද ඖෂධ අලෙවිසැල්, ඉන්ධන පිරවුම් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යන ආයතන  වසා දැමීමක් සිදුවන්නේ නැහැ.

මේ අතර, අද (20) දිනය අවසන්වීමට පෙර විද්‍යාත්මක රට වසා දැමීමක් සිදුනොකරන්නේ නම් එළඹෙන සඳුදා සිට ස්වයං වසා දැමීමකට යොමුවීමට කටයුතු කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ප්‍රකාශ කළා.

පවතින තත්ත්වය හමුවේ කඩිනමින් රට වසා දැමීම කළ යුතු බවයි ඔවුන් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41