කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භයෙන් පසු දෛනිකව ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ මරණ සංඛ්‍යාවේ වාර්තාව අද යළි අලුත් වුනා.
ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් මරණ 186ක් තහවුරු කිරීමත් සමගයි.
ඊයේ (18) තහවුරු කළ මෙම මරණ අතරට කාන්තාවන් 75ක් සහ පිරිමි පුද්ගලයන් 111ක් අයත්.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 6790ක් ලෙසටයි.
වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් 3 දෙනෙකු මියගිය පිරිස අතර වනවා.
අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 17ක් සහ කාන්තාවන් 18ක් ද මියගොස් තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ මරණ අතර අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 91ක් සහ කාන්තාවන් 56ක් ද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ