රට ලොක්ඩවුන් කරන්න යන බවට පැතිරෙන ආරංචි ගැන ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක දුන් පිළිතුර

ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ රට සම්පූර්ණයෙන් වසා දැමීමට සැලසුම් කරන බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ වාර්තා පළවී තිබේ.

රට සති කිහිපයකට හෝ වසා තබන ලෙස මල්වතු – අස්ගිරි පාර්ශවවල මහ නාහිමිවරුන්, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් ඇතුළු පාර්ශව රැසක් ඉල්ලීම් කර ඇත.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ, රට වසා දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවය.

මේ අතර, මේ සම්බන්ධයෙන් අපි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතාගෙන් ද විමසීමක් කළෙමු.

ඔහු ප්‍රකාශ කළේ, රට වසා දැමීමක් ගැන ආරංචි පැවතිය ද, ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් තීන්දුවක් ගෙන නොමැති අතර නිල ප්‍රකාශයක් ද කර නොමැති බවය.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමට නියමිත බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එවැන්නක් සම්බන්ධයෙන් ද මෙතෙක් දැනුම් දීමක් කර නොමැති බවය.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ රැසක් ජනතාව සහ පළාත් පාලන ආයතන විසින් ස්වයං හුදෙකලාභාවයට පත්කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
67
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09
Video thumbnail
"රනිල් කියන්නේ වැම්පයර් කෙනෙක්"..රනිල් කිසිම දවසක ජනතාව මත පය ග#පු කෙනෙක් නෙවෙයි
08:21


?