රට සම්පූර්ණයෙන් වසා දැමීමේ සූදානමක් ?

ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රට සම්පූර්ණයෙන් වසා දැමීමේ සූදානමක් ඇති බව වාර්තා වනවා.

මේ වනවිටත් ටික කලකට හෝ සම්පූර්ණයෙන් වසා දමන ලෙසට අස්ගිරි මල්වතු මහනායක හිමිවරුන් ඇතුළු විවිධ පාර්ශව ගණනාවකින් රජයට බලපෑම් කරන අතර දිවයිනේ නගර 25කට වැඩි ප්‍රමාණයක් ස්වේච්ඡාවෙන් අගුලු දමාගෙන තිබෙනවා.

මේ අතර ජනාධිපති කාර්යාලයට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ හෙට දිනයේ දී ජනාධිපතිවරයා ජාතිය ඇමතීමේ සූදානමක් ද ඇති බවයි.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ එම අවස්ථාවේ දී රට වසා දමන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව ඇති බවයි.

මේ අතර මේ වනවිටත් සෑම දිනක ම රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා පැය 6ක නිරෝධායන ඇඳිරි නීති කාලයක් රට තුළ ක්‍රියාත්මක වනවා.

මේ අතර කොරෝනා වෛසරස් ව්‍යාප්තිය පාලනය කිරීම සදහා සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් හා නිර්දේශ පරිදි සතියක පමණ කාලයකට හෝ රට වසා දැමිය යුතු බවට යි මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් ද ජනපතිගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණේ.

මල්වතු පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මදස්සි නාහිමියන් නිවේදනයක් නිකුත් කරමිනු යි මෙම ඉල්ලීම කර ඇත්තේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භක අවස්ථාවේ දී නිරෝධායන ඇදිරි නීතිය පනවා ජනතාවට සහන සලසමින් ජන ජීවිතය සුරක්ෂිත කිරීම සදහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් ගෙන ගිය විධිමත් වැඩපිළිවෙළට ප්‍රංශසා කරන බව ද මහනාහිමියන් සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, කොරෝනා වෛරසයේ දැඩි ව්‍යාප්තිය හේතුවෙන් අද වන විට සමස්ත රට වාසීන් ම මහත් ව්‍යවසනයකට මුහුණ පා සිටිනවා.

ආසාදිත සංඛ්‍යාව මෙන් ම මරණ සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යමින් පවතින බවයි මහනාහිමිවරුන් නිකුත් කළ නිවේදනයේ සදහන් කළේ.

මේ අතර අවම වශයෙන් සති තුනකට රට අගුළු දමන ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත විශේෂ ලිපියක් යොමුකරමින් යෝජනා කර තිබෙනවා.

ඒ අනුව ප්‍රධාන කරුණු 07කින් සමන්විත යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත එම පක්ෂ යොමු කර තිබෙනවා.අපේ ජනබල පක්ෂයේ නායක අතුරලියේ රතන හිමි, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ලංකා සමසමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ජාතික කොංග්‍රසය, එක්සත් මහජන පක්ෂයේ නායක ඒ.එල්.එම් අතාවුල්ලා, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ටිරාන් අලස්, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න හා යුතුකම ජාතික සංවිධානයේ නායක ගෙවිඳු කුමාරතුංග යන අය විසින් අදාළ යෝජනාවලියට අත්සන් තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
76
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09
Video thumbnail
"රනිල් කියන්නේ වැම්පයර් කෙනෙක්"..රනිල් කිසිම දවසක ජනතාව මත පය ග#පු කෙනෙක් නෙවෙයි
08:21


?