සතියක් රට වසා තබනවාද – අස්ගිරිමල්වතු මහානාහිමිවරු ජනපතිට දැන්නු දේ

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය ස ඳහා සතියක කාලයක් රට වසා තැබීමට කටයුතු කරන ලෙස ඉල්ලා අස්ගිරි – මල්වතු මහානායක හිමිවරු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදෙමින් ජන ජීවිත සුරක්ෂිත කිරීම පිණිස සිදුකරනු ලබන සාර්ථක එන්නත්කරණ වැඩපිළිවෙල පිළිබඳ ව ද උන්වහන්සේලා සිය ප්‍රශංසාව ජනාධිපතිවරයා ඇතුළු රජයට පිරිනමා ඇත.

එහෙත් කොරෝනා වෛසරය දැඩි ව්‍යාප්තිය හේතුවෙන් අද වන විට සමස්ත රටවාසීහු මහත් ව්‍යවසනයකට මුහුණ පා සිටින බව ද මල්වතු – අස්ගිරි මහානායකහිමිවරු පෙන්වා දෙති.

නව විකෘති වෛරස ප්‍රභේදයන්ගේ දරුණු බව හා සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් එය පාලනය කිරීමේ අපහසුතාව සෞඛ්‍ය අංශවලින් පෙන්වා දී ඇතැයි ද එම ලිපියේ සඳහන් ය.

ඉදිරි මාස කිහිපය තුළ දී ශ්‍රී ලංකාව තුළ ඇති විය හැකි දැවැන්ත සෞඛ්‍ය අර්බුදය පිළිබඳව සේඛ්‍ය සංවිධානය මඟින් ද අනතුරු අඟවා ඇතැයි මහානායක හිමිවරු පෙන්වා දෙති.

එනිසා මේ අවස්ථාවේ දී ජන ජීවිතය සුරක්ෂිත කරනු සඳහා සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් හා නිර්දේශ සතියක පමණ කාලයක් හෝ රට වසා ජනතාවට අවශ්‍ය පහසුකම් සලසමින් රෝග ව්‍යාප්තිය පාලනය කරන්නැයි මල්වතු මහාවිහාරයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන හිමියන් සහ අස්ගිරි මහාවිහාරයේ මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද හිමියන් ජනාධිපතිවරයා ට අවධාරණය කර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36
Video thumbnail
මුදල් වංචා වුණේ නෑ කියනවා නෙවෙයි අපි - යටපත් කරන්නේ නෑ - අපිත් පිරිසිදු වෙන්න ඕනි
05:47
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35
Video thumbnail
කසිප්පුකාරයා කිව්ව එක ගැන අහද්දි චන්දනට කට උත්තර නැතිවෙයි ?කිසිසේත්ම එහෙම ආමන්ත්‍රණයක් නෑ
08:42
Video thumbnail
අමෙරිකාවට හෙම්බිරිස්සාවක් හැදෙද්දි අපිට නිවිමෝනියාව හැදෙන ආර්ථිකයක්ද තාම තියෙන්නේ ?
07:39