සති දෙකක කාලයක් ඇඳිරි නීතිය පනවන්න

රට වසා දමන ලෙසට කරන ඉල්ලීම් සම්බන්ධයෙන් සාධනීයව කල්පනා කර බලන ලෙස යළිත් වරක් රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පවසයි.සති දෙකක කාලයක් ඇඳිරි නීතිය පනවා රට වසා දැමුවහොත් වයිරස ව්‍යාප්ති චක්‍රය වෙනස් කළ හැකි වනු ඇතැයි විශ්වාස කරන බවත් ඒ මහතා කීවේය.

මහලේකම්වරයා මේ බව සඳහන් කළේ කොළඹ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (18 වැනිදා) පැවති මාධ්‍ය හමුවේ දී ය. එසේ වුවහොත් ඉහළ යන මරණ සංඛ්‍යාව මෙන් ම ආසාදිතයන්ගේ සංඛ්‍යාව ද පාලනය කිරීමට හැකි වනු ඇති බව කී ඒ මහතා රට වසා දමන ලෙස සියලුම දේශපාලන පක්ෂ ඇතුළු විශාල පිරිසක් දිගින් දිගටම ඉල්ලීම් කරන්නේ මේ චක්‍රය වෙනස් කිරීමේ අවශ්‍යතාව මත යැයි ද මේ අවස්ථාවේ දී ආණ්ඩුව සියලුම වෛද්‍ය විශේෂඥයන්ගේ, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ක්‍රියාකළ යුතු යැයි ද පැවසීය.

මේ මොහොතේ තීරණ ගත යුත්තේ දේශපාලකයන් නොවේ. පවතින තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. කවර තත්ත්වයක් යටතේ වුව ආර්ථිකය කෙරෙහි ද දැඩි අවධානය යොමු කළ යුතුව තිබෙනවා යැයි මහලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නිලන්ත මදුරාවල

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
44
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09
Video thumbnail
"රනිල් කියන්නේ වැම්පයර් කෙනෙක්"..රනිල් කිසිම දවසක ජනතාව මත පය ග#පු කෙනෙක් නෙවෙයි
08:21


?