සති දෙකක කාලයක් ඇඳිරි නීතිය පනවන්න

රට වසා දමන ලෙසට කරන ඉල්ලීම් සම්බන්ධයෙන් සාධනීයව කල්පනා කර බලන ලෙස යළිත් වරක් රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පවසයි.සති දෙකක කාලයක් ඇඳිරි නීතිය පනවා රට වසා දැමුවහොත් වයිරස ව්‍යාප්ති චක්‍රය වෙනස් කළ හැකි වනු ඇතැයි විශ්වාස කරන බවත් ඒ මහතා කීවේය.

මහලේකම්වරයා මේ බව සඳහන් කළේ කොළඹ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (18 වැනිදා) පැවති මාධ්‍ය හමුවේ දී ය. එසේ වුවහොත් ඉහළ යන මරණ සංඛ්‍යාව මෙන් ම ආසාදිතයන්ගේ සංඛ්‍යාව ද පාලනය කිරීමට හැකි වනු ඇති බව කී ඒ මහතා රට වසා දමන ලෙස සියලුම දේශපාලන පක්ෂ ඇතුළු විශාල පිරිසක් දිගින් දිගටම ඉල්ලීම් කරන්නේ මේ චක්‍රය වෙනස් කිරීමේ අවශ්‍යතාව මත යැයි ද මේ අවස්ථාවේ දී ආණ්ඩුව සියලුම වෛද්‍ය විශේෂඥයන්ගේ, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ක්‍රියාකළ යුතු යැයි ද පැවසීය.

මේ මොහොතේ තීරණ ගත යුත්තේ දේශපාලකයන් නොවේ. පවතින තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. කවර තත්ත්වයක් යටතේ වුව ආර්ථිකය කෙරෙහි ද දැඩි අවධානය යොමු කළ යුතුව තිබෙනවා යැයි මහලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නිලන්ත මදුරාවල

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
44
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චොක්ලට් කවරය තුළ සඟවා රැගෙන ආ හෂීෂ් ගුවන්තොටේ දී කොටුවෙයි
02:07
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27