කොවිඩ් අස්සේ අනිල් ජාසිංහව තණකොළ කපන්න දාලාලු

රටේ ගැටළුවලට හේතුව

මේවන විට රට තුළ හටගෙන ඇති ගැටළුවලට හේතුව වන්නේ සුදුස්සාට නිසි තැන නොදීම බව නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පෙන්වා දෙනවා.

ජාතික පුවත්පතකට අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පවසා සිටියා.

නිසි ස්ථානවල සිටි සුදුස්සන් ද එම ස්ථානවලින් ඉවත් කර ඔවුනට නොගැලපෙන ස්ථානවලට දැමූ බව පෙන්වා දෙන ආනන්ද හිමියන් වැඩිදුරටත් සඳහන් කරන්නේ රටෙහි පවතින වර්තමාන වාතාවරණය සැළකූ විට අවස්ථාව ලද සැණින් බොහෝ දෙනෙකු රට හැර යනු ඇති බව යි.

“මට හෝද හෝද මඩේ දාන්න අවශ්‍ය නෑ. නමුත් බලන්න අර අනිල් ජාසිංහ මහත්තයා. මොනවා හරි කරගෙන ආවානේ. එයාව දැන් දාල තියනවා තණකොළ කපන්න. අපේ අමල් හර්ෂ මහත්මයා දක්ෂ පරිපාලකයෙක්නේ හැම පැත්තෙන්ම. එයාව දාලා පුන්නක්කු දියකර සත්ව ආහාර හදන්න. එතකොට වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඒ දවස්වල මොනතරම් පී.සී.ආර්. කළාද රෑ දවල් නොබලා. ඒ වගේ අඩුපාඩු තමා තියෙන්නේ. අපි දන්නේ නෑ රාජ්‍ය නායකයා කේළම් අහලා මේ මිනිස්සු අයින් කරනවාද වෙනත් ක්‍රමයකින් අයින් කරනවාද නොහැකියාවද කියලා”

වැඩබැරි ටාසන්ලා

රට කරවන පිරිසට උපදෙස් ලබා දීමට බොහෝ දෙනෙකු සිටින බව ද උන්වහන්සේ සඳහන් කරනවා.

එමෙන්ම මෙරට දක්ෂ පුද්ගලයින් ඕනෑ තරම් සිටින නමුත් මේවන විට රටේ දක්ෂයන් කොන් වී ඇති බවත් සෑම ස්ථානයකම අදක්ෂයන් සිටින තැනට රට පත් වී ඇති බවත් උන්වහන්සේ පවසනවා.

“ඇත්ත වශයෙන්ම දැන් අපේ රටේ වැඩක් කරන්න ගියාම උපදේශකයෝ වැඩියි. කිසිම තැනක සුදුස්සෙකුට සුදුසු තැන නෑ. දක්ෂ මිනිස්සු ඕනෑ තරම් මේ රටේ ඉන්නවා. නමුත් ඒ දක්ෂයන් හැමකෙනාම දැන් කොන් වෙලා. ඒ නිසා තමයි මම නිතරම කියන්නේ දැන් හැමතැනම ඉන්නේ වැඩබැරි ටාසන්ලා කියලා. මේ වැඩ කටයුතුවලදී කවුරුහරි කෙනෙක් හරි උපදේශයක් දුන්නත් දැන් ඒ උපදේශ පිළිගන්නේ නැති තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා”

ගෝඨා ගැනත් ප්‍රශ්ණ

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා විශාල මෙහෙයක් සිදු කළ භික්ෂූන්වහන්සේ නමක් ද වනවා.

එවන් පසුබිමක උන්වහන්සේ පවසන්නේ ඍජු තීරණ ගන්නා නායකයෙකු ලෙස ප්‍රකටව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මොහොතේ දී ඍජු තීරණ නොගන්නේ මන්දැයි තමන්ට ද ගැටළුවක් වී ඇති බව යි.

ජනාධිපතිවරයා පමණක් නොව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද ඍජු තීරණ නොගැනීම ගැටළුවක් බවයි.

“මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ කියලා ඔය තුන්දෙනෙක් ඉන්නේ. ඔය තුන්දෙනාට එකතුවෙලා සාකච්ඡා කරන්න පුළුවන් කවුරුවත් නැතුව. මහින්ද මහත්තයා දේශපාලනයේ තෙම්පරාදු වුණ කෙනෙක්. ජනතා හදවතේ එතුමා තාමත් ජීවත්වෙනවා. බැසිල් රාජපක්ෂ කියන්නෙත් සැලසුම් කරණයේ දක්ෂයෙක්නේ. ඉතින් ඔය තුන්දෙනාට පුළුවන් එකතු වෙලා සාකච්ඡා කරලා දවල් මිගෙල් රෑ ඩැනියෙල් වෙන්නේ නැතුව අඩුපාඩු හදාගන්න”

මෙහෙම ගියොත් මහින්දත් ඉවරයි

මෙම ක්‍රමයට ඉදිරියට ගියහොත් රට විනාශ වී යාම වැළැක්විය නොහැකි බව ආනන්ද හිමියන් පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා දැඩි ලෙස වෙහෙස වී ගොඩනගා ගත් ජන ප්‍රසාදය ද විනාශ වී යා හැකි බවයි ද උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

“පසුගිය වකවානුව තුළ අපිම කෑගැහුවා දේශීය සම්පත් විකුණනවා, ගුවන් තොටුපළ විකුණනවා, රජය දේපළ විකුණනවා කියලා. ඉතින් ඒවා අඩු කරගන්න තමා අපි අලුත් ආණ්ඩුවක් පත්කර ගත්තේ. ඒකෙත් කෙරෙන්නේ අර ටිකමයි. වෙනසක් නෑ බලනකොට. ගෝඨාභය මහත්තයාට යමක් කරගන්න, කරවන්න වුවමනාව තිබුණත් මොකවත් කරගන්න බැරි වෙලා තියෙනවා”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15
Video thumbnail
වජිරගේ කතාව මැද පිරිසක් බෝඩ් උස්සගෙන වේදිකාවට ආපු පිරිසක් නිසා වෙච්ච දේ..
00:11
Video thumbnail
ලංකාවේ කොහෙන් ඉල්ලුවත් එකෙන්ම දිනනවා කියලා පම්පොරි ගහපු චාමරගේ කතාව..
00:10
Video thumbnail
"නයි, මුගටි ඔක්කොම එකතු කරගෙන මිසක් මේ ආණ්ඩුව එළවන්න බෑ"
00:20
Video thumbnail
මක්කෙලා හු#කෙලා කියලා හැමදාම කෙ#ලා අරිනවා
05:00