රාගම රෝහලේ වෛද්‍යවරයකු කොවිඩ් නිසා මියයයි

රාගම රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු කොවිඩ් ආසාදිතව එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) උදෑසන මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ රාගම රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය ඒකකයේ සේවය කළ මොහොමඩ් ජනන් නමැති 34 හැවිරිදි වියේ පසුවූ වෛද්‍යවරයෙක්.

කොවිඩ් රෝගය වැළැදුන මෙම වෛද්‍යවරයා රාගම රෝහලේ කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර රෝගය උත්සන්න වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ වෛද්‍යවරයා දැඩි සත්කාර ඒකකයේ සති දෙකක පමණ කාලයක් එහි ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම වෛද්‍යවරයා රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් අද (18) උදෑසන මියගොස් තිබෙනවා.

ඔහු කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් අයෙක් බවටද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?